මැගසින් බන්ධනාගාරයේ ජල ටැංකියකට වැටී රැඳවියෙක් මියයයි

74

කොළඹ මැගසින් බන්ධනාගාරයේ ජල ටැංකියකට වැටීමෙන් රැඳවියෙක් මියගොස් ඇත.

මියගිය රැඳවියා මාලිගාවත්ත මිර්නියා ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි අයෙකි. ඔහු ජල ටැංකිය මත වාඩිවී සිටියදී 9 වැනිදා ජල ටැංකියට වැටී ඇත. තවත් රැඳවියකු ඔහු ජල ටැංකියට වැටෙන අයුරු දැක ගොඩට ගෙන ඇත. පසුව ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මියගිය රැඳවියා මීමැස්මොරය රෝගයෙන් පෙළෙමින් සිටි අයකු බවත් ඔහු සම්බන්ධයෙන් අධිකරණ වෛiවරයා විසින් පරීක්‍ෂා කර වාර්තාවක් ලබාදී ඇති බවත්

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසීය. මියගිය රැඳවියා මත්ද්‍රව්‍ය චෝදනාවකට අදාළව මාස එකහමාරක පමණ කාලයක් බන්ධනාගාරගතව සිටි අයෙකි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment