ලග්න රැසකට සුබඵල උදා කරමින් ග්‍රහලොව සුරතලිය තුලාවෙහි රජ වෙයි

1659

ලග්න රැසකට මාලවි යෝගය උදාවේ

අප සෞරග්‍රහ මණ්ඩලයේ නව ග්‍රහයින් අතරින් ග්‍රහ ලොව සුරතලිය, නැතහොත් සුකුමාලිය ලෙස හඳුන්වන සකල කලා වල්ලභ ගුරු පුත් ශුක්‍ර නොහොත් සිකුරු ග්‍රහයා තවත් ග්‍රහ ගමනකට එලඹෙනු ඇත. ඒ අනුව ක්‍රි- ව 2023 නොවැම්බර් 30 වන ගුරු දින හරියටම අලුයම 01-04 ට බුධ හිමි කන්‍යා රාශියේ සිට සිය වාසභවන වන සිකුරුටම අයත් තුලා රාශියට ශුක්‍ර පිවිසෙනු ඇත-

සිකුරු යනු නව ග්‍රහයන් අතරින් ගුරුට පසුව සිටින සුබම සුබ ස්ත්‍රී කාරක ග්‍රහයාය- එසේම සිකුරුගේම රාශියක් වන තුලාව යනු සිකුරාගේ නිවහනයි- ඒ අනුව තුලාවේ ස්වක්ෂේත්‍ර වන සිකුරු ගේ ග්‍රහ ගෝචරයට අනුව මෙම කාලසීමාව තුළ ලග්න 12 අතරින් මේෂ, මිථුන, කටක, සිංහ, කන්‍යා තුලා, ධනු මකර, කුම්භ යන ලග්නවලට අති ප්‍රබල සුබ ප්‍රතිඵල උදා වනු ඇත- එසේම ශ්‍රී විශ්නු ලක්ෂ්මි සුභ යෝග බලය ලග්න 12 ටම උදා වනු ඇත.

මෙම ග්‍රහ මාරුව හේතුකොට ගෙන මාසකට ආසන්න ඉදිරි කාල සීමාව තුළ රට තුළ ධාන්‍ය සම්පත් බහුල වනු ඇත- එසේම වැසි තත්ත්වයේ වර්ධනයක් වන අතර, ගංවතුර, හා කාලගුණ වෙනස්කම් ද බහුල වනු ඇත- විශේෂයෙන් නඵ නිළියන් හා ස්ත්‍රීන්ට මෙම කාල සීමාව ඉතාම සුබ දායකය- එසේම තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා බහුලව ඇති වේ- විවාහ ආශ්‍රිත කටයුතු මෙන්ම රෙදිපිළි හා විසිතුරු භාණ්ඩ සම්භන්ධ කටයුතුවලට මෙම ග්‍රහ මාරුව ආශ්‍රිත කාලය ඉතාම සුබදායක වනු ඇත- මෙරට සංචාරක කර්මාන්තයට යහපත් වනු ඇත. ලෝකයේ යුද බිය වර්ධනය වනු ඇත.

පොදුවේ ලග්න වශයෙන් ගත් කල සිකුරු තුලාවට පිවිසීම හේතුවෙන් පහත සඳහන් ප්‍රතිඵල උදා වනු ඇත-

මේෂ ලග්නය

ඔබට මෙම සිකුරු මාරුව සමග සිකුරු මලවි යෝගය උදා කරමින් ඔබගේ ජන්ම පතේ 7 වැන්නට පිවිසෙනු ඇත- ඒ අනුව ඔබට විවාහ වාසනා උදා වනු ඇත- අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය සුබයි. යාන වාහන මෙන්ම විසිතුරු දේවල් හිමි වන කාලයකි- එසේම බිරිඳගේ පාර්ශ්වයෙන් දායාද හිමි වනු ඇත- පපුවේ සෙම් අමාරු හා ලේ සම්බන්ධ රෝගාබාධ ඇතිවිය හැකිය. රෝහල්ගත වීමේ අවදානමකුත් තියනවා. සෙම් රෝග බහුල වන අතර යුග දිවි සමගියට සුබ දායක වනු ඇත-

වෘෂභ ලග්නය

මෙම කාලයේ නෑයෙක් හෝ හිතවතුන් සමග අමනාප වීමට ඉඩ ඇත. බලාපොරොත්තු වූ ණයක් ලැබෙයි. කාර්ය බහුල කාලයකි. සහෝදරයින්ට අසුබ වෙයි. කෙටි ගමන් බිමන් නම් අධික වේවි. විමසිලිමත් වීම වැදගත්. අනතුරුවලට ලක්විය හැකියි. සහෝදරයන්ට අසුබ වෙයි.

මිථුන ලග්නය

ඔබගේ ජන්ම පතේ 5 වැන්නට සිකුරු පිවිසීමත් සමගින් ඔබට පින්වත් දරුවන් ලැබීමේ වාසනාව හිමි වනු ඇත- පවුලේ හෝ හිතවතෙකුට ඇතිවන අසනීප තත්ත්වයන් නිසා ඔබට බොහෝ කාලය ශ්‍රමය, ධනය ඒ වෙනුවෙන් ගත කිරීමට සිදුවනු ඇත. පසුගිය දිනවල පැවති බාධා යම් පමණක ඉවත්වෙයි. තනතුරු ලාභ ලැබෙයි. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර අලුතින් අරඹන කටයුතු මේ කාලයේ සාර්ථක වේ. එසේම මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍ය පිරිහීමට හැකියාව පවතිනවා. සිතේ ඇතිවන මානසික අසහනය දුරු වෙයි. දරුවන්ගේ දියුණුවට කටයුතු යෙදේ.

කටක ලග්නය

ඔබගේ ජන්ම පතේ 4 වැන්නට සිකුරු පිවිසීමත් සමගින් ඔබට මලවි යෝගය උදා වීමත් සමගින් ගේ දොර ඉඩකඩම් යාන වාහන මෙන්ම මැණික් සම්පත් හිමි වනු ඇත- මෙම කාලසීමාව පින්වත් දරුවන් ලැබීමේ වාසනාව හිමි වනු ඇත- පසුගිය දින වල පැවති බාධා යම් පමණක ඉවත්වෙයි. තනතුරු ලාභ ලැබෙයි. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර අලුතින් අරඹන කටයුතු මේ කාලයේ සාර්ථක වේ. එසේම මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍ය පිරිහීමට හැකියාව පවතිනවා. සිතේ ඇතිවන මානසික අසහනය දුරු වෙයි. දරුවන්ගේ දියුණුවට කටයුතු යෙදේ.

පවුලේ හෝ හිතවතෙකුට ඇතිවන අසනීප තත්ත්වයන් නිසා ඔබට බොහෝ කාලය ශ්‍රමය, ධනය ඒ වෙනුවෙන් ගත කිරීමට සිදුවනු ඇත.

සිංහ ලග්නය

ලග්නයෙන් 3 වැන්නේ සිකුරු ගමන් කරන මෙම කාල සීමාව ඔබගේ සමාජ පිළිගැනීම ප්‍රසිද්ධිය හා කීර්තිය ඉහළ යනු ඇත- විවාහ ජීවිතයේ පැවති කරදර හා බාධා මෙම කාල සීමාව තුළ පහව යනු ඇත. හදිසි ගමන් බිමන් යෑමට නිතර අවස්ථාව සැලසෙන අතර අතර වන්දනා ගමන් හා දුර ගමන් ද යෙදීමට ඉඩ ඇත. ශරීර සැප ලැඛීම හා විවාහ වාසනා ඇතිවීමට ඉඩ ඇත. සහෝදරයෙකුට අපලතාවක් පෙනේ.

කන්‍යා ලග්නය

සිකුරු ඔබේ ලග්නයෙන් 2 වැන්නේ ගමන් කරන මෙම කාලය ධන සම්පත් ඉහළ යන කාලයකි- මෙතෙක් කාලයක් අඩාලව පැවති යම් යම් කාරණා ඉටු වන කාලයකි. විවාහ බාධා ඇතිවීමට ඉඩ ඇත. සහෝදරයෙකුට අපලතාවක් පෙනේ. ලැබීම් නොසිතූ ලෙස ඉහළ යන කාලයකි. දේශපාලනයේ නිරත අයට සුබදායක වනු ඇත.

තුලා ලග්නය

ඔබගේ තුලා ලග්නයේ ලග්නාධිපති සිකුරු ලග්නයේ ගමන් කිරීම මත සතුරු කරදරයකින් ජය ගත හැකිය. බලාපොරොත්තු වූ ණය මුදලක් ලැබීමට ද හැකියාව ඇත. මුත්‍රා අමාරු හෝ සෙම් රෝග ඇතිවීමට ඉඩ ඇත. ඔබට මෙම කාලය මිශ්‍රඵල දායක වේ. අසනිපවලින් යම් සුවයක් අත්වේ. ගෘහ ජීවීතය තුළ අය පක්ෂය ඉහළ යනු ඇත.

වෘශ්චික ලග්නය

හදිසි ගමන් බිමන් යෑමට නිතර අවස්ථාව සැලසෙන අතර අතර වන්දනා ගමන් හා දුර ගමන් ද යෙදීමට ඉඩ ඇත. ඇස්වහ කටවහ දෝෂ හටගැනීමේ ප්‍රවනතාවක් ඇත. රෙදි පිළි හා වස්තු ලාබ ලැබෙන කාලයකි. ශරීරයේ අලංකාරයට අවශ්‍ය දේ මිලදී ගැනීමට අවස්ථාව ලැබෙන අතර නමුත් මෙම කාලයේදී ප්‍රනීත රසමුසු ආහාරද එතරම් නොලැබීමේ හැකියාව පවතී.

ලග්න රැසකට සුබඵල උදා කරමින් ග්‍රහලොව සුරතලිය තුලාවෙහි රජ වෙයි

බණ්ඩාරගම, සම්පත් එස්. කල්පගේ
නො. 49/ 1, විහාර මාවත,
ගම්මන්පිල, බණ්ඩාරගම.
දුරකතන අංකය 0382256020 / 0772753100

advertistmentadvertistment
advertistmentadvertistment