ඡන්දයට විපක්ෂය පුළුල් සන්ධානයකින්: – මෛත්‍රී සමඟ කතා නෑ – ජී. එල්. පීරිස්

150

ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදී විපක්ෂය පුළුල් සන්ධානයක් ගොඩනැඟීමට කටයුතු කරන නමුත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ කිසිදු සාකච්ඡාවක් සිදුකර නැතැයි නිදහස ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (01 දා) පැවැසීය.

පාස්කු ප්‍රහාරය සිදුවන විට මෛත්‍රිපාල සිරිසේන මහතා රටේ ජනාධිපති, සේනාධිනායක හා ආරක්ෂක ඇමැති වශයෙන් කටයුතු කළ බවත් මැතිවරණ පැවැත්වීමට සූදානම්ව සිටියදී මෙවැනි ප්‍රකාශ කිරීම පිළිබඳව දැඩි අවධානය යොමුකළ යුතු බවත් ඊයේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජී.එල්. පීරිස් මන්ත්‍රීවරයා පැවැසීය. පාස්කු ප්‍රහාරය පිළිබඳව නව ක්‍රියාමාර්ග ගන්නේ නම් ඒ පිළිබඳව බලය හිමිවන්නේ නීතිපතිවරයාට බව පැවැසූ ඒ මහතා, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සලයේ ද දැඩි අවධානය යොමු වී ඇති බවත් කියා සිටියේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment