කාන්තා සහාය දිවීමේ කණ්ඩායමට රිදී පදක්කම

432

 ඉන්දීය අන්තර් පාපන්දු ක‍්‍රීඩා තරගාවලිය යටතේ ඊයේ (29 වැනිදා) කාන්තා මීටර් 100 සහාය දිවීමේ තරගයෙන් දෙවැනි ස්ථානයට පත් වීමට ශ‍්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වූවාය.
 
 ශ‍්‍රී ලංකා කාන්තා කණ්ඩායම තත්පර 44.55 ක කාලයක් වාර්තා කරමින් එහි රිදී පදක්කම දිනා ගැනීමට සමත්වූ අතර ඉන්දියාව එම ඉසව්වේ රන් පදක්කම ජයග‍්‍රහණය කළාය. ඉන්දීය කණ්ඩායම එහිදී වාර්තා කළ කාලය තත්පර 44.15 ක් විය.
 
 ශ‍්‍රී ලංකා කාන්තා සහාය දිවීමේ කණ්ඩායම සඳහා ලක්‍ෂිකා සුගන්ධි, අමාෂා ද සිල්වා, මේධානි ජයමාන්න සහ සෙලින්ඩා ජැන්සන් යන ක‍්‍රීඩිකාවෝ නියෝජනය කළහ.
 
 ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ඊයේ රාත‍්‍රී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් සුමේධ රණසිංහ සහ මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වෙන් නිලානි රත්නායක තරග වැදීමට නියමිතව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment