මීගහකිවුලේදී ලංගම බසයක් අඩි 50ක ප්‍රපාතයේ

364

කාන්තාවක් මරුට – 30 දෙනෙක් රෝහලේ

බදුල්ල මොරහෙල ප්‍රධාන මාර්ගයේ මීගහකිවුල යෝධ උල්පත ප්‍රදේශයේදී ශ්‍රී ලංගම බස් රථයක් අඩි 50 ක් පමණ ප්‍රපාතයකට පෙරලී යෑමෙන් සිදුවූ අනතුරකින් හැටපස් හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක මරුමුවට පත්වී තවත් 30 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි.

මෙම අනතුර ඊයේ (20දා) දහවල් 12.20 ට පමණ සිදුවන අවස්ථාවේ එම ප්‍රදේශයට වැසි ඇද හැලෙමින් තිබී ඇත. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් 30 දෙනකු මීගහකිවුල රෝහලට ඇතුළත් කෙරුණු අතර, ඉන් පුද්ගලයන් 8 දෙනකුගේ තත්ත්වය බරපතළ වූ බැවින් ඔවුන් බදුල්ල මහ රෝහලට මාරුකර යැවීමට පියවර ගත් බව පොලිසියේ නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.

මීගහකිවුල ප්‍රදේශයේ සතිපොළ පවත්වන දිනය ඊයේ වූ බැවින් බස් රථයේ 40 කට වැඩි පිරිසක් ගමන් කරමින් සිට ඇතැයි ද පොලිසිය කියයි.

මීගහකිවුල සිට මොරහෙල බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් මෙලෙස අනතුරුට ලක්වී තිබිණි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, එච්. එම්. සමරකෝන් බණ්ඩා – බදුල්ල

advertistmentadvertistment
advertistmentadvertistment