මුහුදුබඩ දුම්රිය ප්‍රමාදයක්

65

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේදී සිදුවූ දුම්රිය පීලිපැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා එල්ල වී තිබේ.දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කොළඹ කොටුවේ සිට දකුණු කළුතර බලා ඊයේ (19) රාත්‍රී 7.15 පමණ ධාවන වූ සීඝ්‍රගාමී දුම්රිය කොටුව හා කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථාන අතරදී පීලිපැනීමට ලක්ව ඇති බවය.මේ හේතුවෙන් මුහුදු බඩ මාර්ගයේ මාර්ග දෙකම අවහිර වී ඇත. දුම්රිය පීලිගත කිරීමේ කටයුතු තවදුරටත් සිදුකරමින් සිටින බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්. ජේ ඉඳිපොලගේ මහතා සඳහන් කළේය.දුම්රිය පීලිපැනීම හේතුවෙන් ඊයේ රාත්‍රී ගාල්ල තැපැල් දුම්රිය ඇතුළු දුම්රිය ගමන්වාර 4ක් අවලංගු කර තිබේ.අද (20) උදෑසන කොළඹ දක්වා ධාවන වන දුම්රියන් මහලේකම් කාර්යාල දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය වන අතර කොළඹ සිට ධාවන වන දුම්රියන් ප්‍රමාද වී ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේනතුව සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment