යාපනය සරසවියේ පන්ති තහනම් කළ සිසුන් 28කට යළි ශිෂ්‍ය භාවය

100

යාපනය විශ්වවිද්‍යාලයේ පන්ති තහනම් කළ සිසුන් 31 දෙනාගෙන් 28 දෙනකුට යළිත් ශිෂ්‍යහාවය ලබා දීමට යාපනය විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය තීරණය කොට තිබේ.

ඒ අනුව සිසුන් 28 දෙනාට 19 වැනිදා සිට යළිත් ශිෂ්‍යභාවය හිමිවන අතර ඉතිරි සිසුන් තුන්දෙනා සඳහා අහෝසි කළ ශිෂ්‍යභාවය ඒ අයුරින්ම තව දුරටත් ක්‍රියාත්මක වන අතර ඔවුන් ඉදිරිපත් කළ අභියාචනය සම්බන්ධයෙන් ඉදිරි කාලයේදී තවදුරටත් සලකා බැලීමටද නියමිතය.

ශිෂ්‍යභාවය අහෝසි කළ සිසුන් 31 දෙනාගෙන් 28 දෙනකුට යළි ශිෂ්‍යහාවය ලැබී ඇත්තේ ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද අභියාචනයක් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුවය.

යාපනය විශ්වවිද්‍යාලයේ දෙවන හා තුන් වන වසරවල මෙම සිසුන් තිස් එක් දෙනාගේ පන්ති තහනම ක්‍රියාත්මක වූයේ යාපනය විශ්වවිද්‍යාලය තුළදී සිසුන් පිරිසකට අමානුෂීය අන්දමට පහර දීම හා එක් සිසුවකුට බරපතළ ලෙස තුවාල සිදු කිරීමේ චෝදනාවන් නිසාය.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment