යාළුවෝ එක්ක වැටුණම පිස්සු නටනවා – ෂෙරංගි නතාෂා

141

රඟපෑම හිතන තරම් ලේසි නෑ…

මේ දිනවල ස්වාධීන රූපවාහිනි නාලිකාව ඔස්සේ විකාශනය වන 4චූන් Residency ටෙලිනාට්‍යයේ නතාෂාගේ චරිතයට පණ පොවමින් පුංචි තිරය ඔස්සේ ඔබ හමුවට එන ෂෙරංගි නතාෂා 2022 වසරේ දෙරණ අවුරුදු කුමාරි දෙවැනි ස්ථානය දිනා ගන්නට වාසනාවන්ත වූ සුරූපී තරුණියක්. මීට පෙර නිරූපණ ක්ෂේත්‍රයේ නිරතවී පසුව කලා ක්ෂේත්‍රයට නවක රංගන ශිල්පිනියක් ලෙස පෑයූ ෂෙරංගිගේ කලා ජීවිතේ පිළිබඳව අපත් සමග කතා කළේ මෙලෙසිනුයි.

● ෂෙරංගි මුලින්ම ඔයා ගැන කතා කළොත්?

මගේ පවුලේ ඉන්නේ” මමයි” තාත්තයි” අම්මයි” නංගියි” මල්ලියි. මම දැන් පදිංචි වෙලා ඉන්නේ හෝමාගම. මම පාසල් ගියේ මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයට. උසස් පෙළ commerce වලින් කළේ. උසස් පෙළින් පසුව පෙරපාසල් ගුරුවරියක් විදිහට වැඩ කළා. ඊට පසුව තමයි නිරූපණ ක්ෂේත්‍රයට පැමිණියේ. ඊටත් පසුව තමයි මේ රංගන ක්ෂේත්‍රයට පැමිණියේ.

ෂෙරංගි 4චූන් Residency ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද?

මට නතාෂා කියන චරිතයට ආරාධනා කළේ අධ්‍යක්ෂ සුපුන් රත්නායක අයියා. මම ෆීල්ඩ් එකට අලුත් කෙනෙක්. හැබැයි සුපුන් අයියයි” 4චූන් කණ්ඩායමත් එක්ක වැඩ කරද්දි මට හරි ලේසියි. අලුත් කෙනෙක් කියලා එහෙම වෙනසක් කරන්නේ නැහැ” හැමෝටම එක වගේ සලකන්නේ.

යාළුවෝ එක්ක වැටුණම පිස්සු නටනවා - ෂෙරංගි නතාෂා

4චූන් ටෙලි නාට්‍යයේ නතාෂාගේ චරිතයයි සැබෑ ජීවිතේ නතාෂාගේ චරිතයයි සමානයි ද?

ඔව්. මට එහෙම ලොකුවට වෙනම චරිතයක් රඟපාන්නත් නැහැ. මට සුපුන් අයියා කිව්වෙත්” චරිතයේ නතාෂා කියලම නම තිව්වෙත් මට ඒ වෙනුවෙන් උපරිම සාධාරණයක් ඉෂ්ඨ කරන්න පුළුවන් නිසා කියලයි.

● නතාෂාගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

මුලදී නම් ටිකක් නරක සහ හොඳ ප්‍රතිචාර දෙකම ලැබුණා. හැබැයි දැන් ළඟක ඉඳලා හොඳ ප්‍රතිචාර තමයි ලැබෙන්නේ.

● විකාශනය වීමට නියමිතව ඔබ දායක වුණ අලුත් නිර්මාණ මොනවාද?

සාලින්ද රත්නායක අයියාගේ අලුත් නිර්මාණයකත් මේ දිනවල රූගත කිරීම් කරගෙන යනවා. ඊළඟට විකාශනය වෙන්න තියෙන්නෙ ඒ නිර්මාණය තමයි.

● රංගන ක්ෂේත්‍රයට එන්න කලින් මොකද කළේ?

මම දැන් අවුරුදු දෙකක් විතරම නිරූපණ ක්ෂේත්‍රයේ තමයි හිටියේ. ගිය අවුරුද්දේ දෙරණ නාලිකාවේ අවුරුදු කුමාරි දෙවැනි ස්ථානය දිනා ගත්තා. ඊට පස්සේ තමයි මට රංගනයට ගොඩක් ආරාධනා ලැබුණේ.

● නිරූපණයට වඩා රංගනය හොඳද?

මෙහෙමයි” රඟපෑම අපි ඔඩ එකේ දකින තරම් ලේසි නැහැ. මාත් මුලින්ම හිතුවේ හරි ලේසි වැඩක් කියලා. හැබැයි ඒක එහෙම නැහැ. මම රඟපෑම හදාරලා නැහැ. හැබැයි දැන් රංගනය හදාරන්න මගේ අදහසක් තියෙනවා. මම හිතනවා රංගනය හදාරලා කළොත් මීට වඩා දෙයක් මට කරන්න පුළුවන් කියලා.

● මේ ක්ෂේත්‍රය තෝරගත්තට ගෙදරින් කැමතිද?

තාත්තා නම් පොඩ්ඩක් අකැමැති වුණා මුලදී. මගේ ආසාව නිසාම දැන් ලොකුවට අකැමැත්තක් නැහැ. අම්මා නම් හරිම කැමතියි. මම අද රඟපාන්නෙත් අම්මා නිසාමයි. ඔයා කරන්න” කරන්න අපරාදේ කියලා” අම්මගෙන් නිතරම ලොකු සහයෝගයක් ලැබෙනවා.

● වෘත්තීමය වශයෙන් රංගනයේ නියැළෙන්න ද අදහස් කරන්නේ?

ඔව්. මම දැන් රංගන ක්ෂේත්‍රයට පා තබපු නිසා මගින් නවත්තන්නේ නැතුව” දිගටම මේ ක්ෂේත්‍රයේ” පුළුවන් තරම් කාලයක්” හොඳ නිර්මාණවලට දායක වෙන්න බලාපොරොත්තු වෙනවා.

● රංගන ක්ෂේත්‍රය ගැන මොකද හිතන්නේ?

මෙහෙමයි” තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩේ කරගෙන ඉන්නවනම් ඕනම කෙනෙක්ට හොඳින් ඉන්න පුළුවන්. හැමෝත් එක්කම සුහදව” හොඳින් වැඩ කළොත් මම හිතනවා” කියන තරම්ම මේ ක්ෂේත්‍රය නරකක් නැහැ කියලා.

● නවකයන්ට කැපිලි කෙටිලි තියෙනවා කියන්නෙ ඇත්තද?

මම කරපු වැඩවල නම් මට එහෙම මොකුත් දේවල් වෙලා නෑ. එහෙම කැපිලි කෙටිලි” වෙනස්කම් වෙන්නෙත් නැහැ. ඇත්තටම ගත්තොත් සීනියර් ආර්ටිස්ලා” හොඳටම සුහදශීලී අපිත් එක්ක. අපි දන්නෙ නැති ඒවා පවා කියලා දෙනවා. එහෙම කිසිම වෙනසක් කරන්නෙ නැහැ.

● රඟපාන්න කැමති චරිත එහෙම තියෙනවද?

මම කැමත්තෙන් ඉන්නවා ගැමි චරිතයක් කරන්න.

● විලාසිතාවලට මොන වගේ නැඹුරුතාවක් ද තියෙන්නේ?

මට ගැළපෙන විවිධ දේවල් බලලා විලාසිතා කරනවා. මම ගොඩක් හින්දු සංස්කෘතියට කැමැතියි. ඒ විදියේ විලාසිතා කරන්න වැඩිපුර කැමැතියි.

● නතාෂා කියන්නේ මොනවගේ චරිතයක්ද?

ගෙදර හිටියත්” වැඩකට ගියත් හරිම පාඩුවේ” නිශ්ශබ්දව ඉන්න චරිතයක්. හැබැයි හොඳම යාළුවෝ එක්ක ඉද්දි නම් පිස්සු නටන චරිතයක්.

පාරමී කෞෂිකා

advertistmentadvertistment
advertistmentadvertistment