යුක්තිය මෙහෙයුමෙන් කුඩු අල්ලන්න ගිය සැරයන්ට තුවාලයි

35

කැකිරාව පොලිස් වසමේ ඇඹුල්ගස්වැව ප්‍රදේශයේ හෙරොයින් ජාවාරමක් සිදුවන බවට ලැබුණු තොරතුරකට අනුව රාජකාරී සඳහා ගිය පොලිස් නිලධාරියකු ඇද වැටී තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව කැකිරාව පොලිසිය පවසයි.

යුක්තියේ මෙහෙයුමට සමගාමීව රාජකාරී කටයුතුවල නිරත වෙමින් සිටිය දී උප පොලිස් පරීක්ෂක අධිකාරී මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදුවන ස්ථානයට ළඟා වනවාත් සමග පුද්ගලයකු පොලිසිය දැක එක්වරම දියව ගිය බව පොලිසිය කියයි.

එහිදී පොලිස් සැරයන් ප්‍රේමතිලක මහතා සැකකරු පසුපස ලුහුබඳින අවස්ථාවේදී ඔහුගේ පාදය ගලක වැදී, බිම වැටී තුවාල සිදුව ඇති බව පොලිසිය පවසයි.

මේ හේතුවෙන් එම නිලධාරියාගේ මුහුණට තුවාල සිදු වීම හේතුවෙන් කැකිරාව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව ද පොලිසිය සඳහන් කළේය.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment