යුද හමුදා සේවා වනිතා වෙබ් අඩවිය එළිදකී – රණවිරුවෙකුටත් නිවසක් පරිත්‍යාග කරයි

102

යුද හමුදා සේවා වනිතා වෙබ් අඩවිය එළිදැක්වීම සහ රණවිරුවන් වෙත විශේෂ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගියදා (04දා) යුද හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සේවා වනිතා සභාපතිනී ජානකී ලියනගේ මහත්මියගේ සහභාගීත්වයෙන් සිදුකරන ලදී.

එහිදී මානුෂීය මෙහෙයුමේදී කාය දානය ලබාදුන් රණවිරුවකුට නිවසක් තනා ගැනීම සඳහා මූල්‍ය පරිත්‍යාගයක් සහ තවත් රණවිරුවන් සිය දෙනෙකු වෙත වියළි ආහාර පාර්සල් බෙදාදීමක්ද මෙහිදී සිදු කෙරුණි.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණ බි්‍රගේඩියර් නලින්ද්‍ර මහවිතාන ඇතුළු ජේ්‍යෂ්ඨ නිලධාරින් රැසක්ද එක්ව සිටියහ.
ආර්. ඒ. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment