යෝගට් – බටර් – දොඩම් – ලොකු ලූනු සඳහා අලුත් බදු පනවා නෑ තිබෙන බද්ද දික්කළා පමණයි

79

මුදල් අමාත්‍යාංශය කියයි

මෙරට ආනයනය කරන භාණ්ඩ වර්ග කිහිපයක් සඳහා පසුගිය දෙසැම්බර් මස 01 වැනිදා සිට විශේෂ වෙළෙඳ බද්දක් අලුතින් පනවා ඇති බවට සිදුකෙරෙන ප්‍රචාර සත්‍යයෙන් තොර බව මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

සිදුකර ඇත්තේ දැනට පනවා ඇති එම වෙළෙඳ භාණ්ඩ බද්ද දීර්ඝ කිරීමක් බව පවසයි.

ඒ අනුව යෝගට්, බටර්, චීස්, රටඉඳි. දොඩම්, මිදි, ඇපල් හා විවිධ පළතුරු වර්ග, භාණ්ඩ සහ ලොකුලූනු සඳහා පැවැති සහනායී බද්ද, දේශීය මත්ස්‍ය කර්මාන්තය සහ ටින්මාළු කර්මාන්තයේ යහපත වෙනුවෙන් ක්‍රියාත්මක වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ද පැවැති

අනුප්‍රමාණයන්ගෙන්ම දීර්ඝ කිරීමක් පමණක් සිදුකර ඇති බවය.එම බද්ද 2023 නොවැම්බර් මස 30 වැනිදායින් අවසන්වීමට නියමිතව තිබූ බැවින් නැවත දීර්ඝ කිරීමක් පමණක් සිදුකර ඇති බවත් මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. මෙලෙස විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනවනු ලබන භාණ්ඩ සඳහා වෙනත් කිසිදු ආනයනික බද්දක් අය නොකරන තනි බද්දක් ලෙස ක්‍රියාත්මක වන බවත් වැඩිදුරටත් සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment