යෞවනයෝ ටෙස්ට් තරගාවලිය දිනති

127

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායම සමග පැවැති දෙවැනි හා අවසන් සිව්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඊයේ (14 වැනිදා) සමත් වූයේය.

ඒ සමගම තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස ජයග්‍රහණය කිරීමට ද ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට හැකි විය. ජයග්‍රහණය සඳහා ලකුණු 79 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 ක් දැවී එම ඉලක්කය පසු කර ගිය අතර පළමු තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. කොදෙව් කණ්ඩායම ප්‍රථම ඉනිමේ ලබාගත් ලකුණු 127ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව ප්‍රථම ඉනිම සඳහා ලකුණු 326 ක් ලබා ගත් අතර කොදෙව් කණ්ඩායමේ සියලු ක්‍රීඩකයෝ දෙවෙනි ඉනිමේ දී ඊයේ උදෑසන ලකුණු 277 කට දැවී ගියහ.

එහිදී කොදෙව් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ජෝර්දාන් ජොන්සන් නොදැවී ලකුණු 157 ක් ලබා ගත්තේය. පළමු ඉනිමේදී ලකුණු 52 ක් ලබා ගත් ඔහු පළමු ටෙස්ට් තරගයේදී ද ලකුණු 149 ක් ලබා කොදෙව් ඉනිම් 3 ම වැඩිම ලකුණු ලාභියා වූයේය.

advertistmentadvertistment
advertistmentadvertistment