ලක්ෂපානට වැස්ස

627


ලක්ෂපාන ජලවිදුලි බලාගාර සංකීර්ණයට අයත්ල මස්කෙළියල මාවුස්සාකැලේ ජලාශයේ ජල පෝශක ප්‍රදේශ වලට පැවති වියළි කාලගුණය නිමා කරමින් ඊයේ පස්වරුවේ පැයක පමණ කාලයක් අධික වර්ෂාව ඇද හැලී ඇත.
මාවුස්සාකැලේ ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන මස්කෙළිය ඔය ආරම්භ වන ශ්‍රීපාද රක්ෂිතයට අයත් සාමිමලේ මීරියාකෝට්ටේ වනාන්තරයට නල්ලතන්නිය සීතගඟුල ඔය ආරම්භවන ශ්‍රීපාද රක්ෂිතයට හා මස්කෙළිය ප්‍රදේශයට මෙසේ අධික වර්ෂාව ලැබී ඇත.
පසුගිය කාලයේ ප්‍රමාණවත් වැසි නොලැබීම හේතුවෙන් මාවුස්සාකැලේ හා කාසල්රී යන ප්‍රධාන ජලශ දෙකේ ජල මට්ටම සීඝයෙන් පහත බැස තිබුණි.
ජාතික ජලවිදුලි බල පද්ධතියට අයත් ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය, විමලසුරේන්ද්‍ර හා කැනියොන් යන විදුලිබලාගාර 05 සඳහා ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකෙනි.

advertistmentadvertistment
advertistmentadvertistment