ලිංගාශ්‍රිත රෝග සුවයට හෝමියෝපති ප්‍රතිකාර

195

යෞවන වියේ ජීවිතය සුන්දරයි. නමුත් හැඟීම් මත දුරදිග නොබලා පවත්වන අසුන්දර සම්බන්ධතා නිසා ජීවිතය මළකඳක් බවට පත්කර ගනිමින් විඳවන අය බොහෝ සිටිති.

ලිංගාශ්‍රිත සමාජ රෝගයක් ඔබට වැලදී ඇති බව දැනගත් විට කුමක්ද මේ සිදුවුනේ කියලා සිතන විට සියල්ල සිදුවී හමාරයි. අනතුරුව ජීවත්වන්න සිදුවන්නේ භය, හිතේ වේදනාව, සැකය සමග මානසික ආතතියෙන් පීඩා විඳිමින්ය. මෙවන් ජිවිතයක් තුළින් ඔබට මිදෙන්න ඔබගේ ආත්මය, ප්‍රාණය, ශරීරය, සිතද, සිතුවිලිද සුවපත්වන්න හෝමියෝපති ප්‍රතිකාර පිළිබඳ දැනුවත් කිරීමයි මේ.

ලිංගාශ්‍රිත රෝග

ලිංගාශ්‍රිත රෝග ලෙස හැඳින්වෙන්නේ ප්‍රධාන වශයෙන්ම අනාරක්ෂිත ලිංගික සබඳතාවයක් මගින් වැළදිය හැකි රෝගයන්ය. ලිංගාශ්‍රිත ප්‍රදේශයෙහි ලිංගික සම්ප්‍රේෂණයකින් තොරව වැළදිය හැකි රෝගයන්ද ඇතිවිය හැකි වුවද ඒවා ලිංගාශ්‍රිත රෝග ලෙස සැලකෙන්නේ නැත. ලිංගාශ්‍රිත රෝග බැක්ටීරියා හා වෛරස් මගින් ඇති වන්නකි.

ලිංගාශ්‍රිත රෝග ලෙස හර්පිස්, ලිංගික ඉන්නන්, උපදංශය (Syphilies), ගොනොරියාව, HIV, හැඳින්විය හැක.

ලිංගාශ්‍රිත රෝගයක් හඳුනාගන්නේ කෙසේද?

ලිංගාශ්‍රිත රෝගයක ප්‍රධාන ලක්ෂණය ලෙස තුවාල, ශ්‍රාව හෝ ගැටති ඇතිවිය හැක.

ගැටිති ලෙස ප්‍රධානව ලිංගික ඉන්නන් හඳුන්වන්න පුළුවන්. මෙයට හේතුව “හියුමන් පැපිලෝමා Human papilloma නම් වෛරස් විශේෂයයි. ආසාදනයෙන් සති හයක සිට සය මසක් දක්වා කාලයේදී ලිංගේන්ද්‍රය පෙදෙසෙහි ගැටිති හටගැනීම මෙහි ප්‍රධාන රෝග ලක්ෂණයයි.

තුවාල ලෙස ප්‍රධානව උපදංශ රෝගය (Syphilis) හැඳින්විය හැක. මෙයට හේතුව ට්‍රිපොනිමා පැලිඩම් බැක්ටීරියා විශේෂයයි. ආසාදනයෙන් තෙමසකට පමණ කාලයක් තුළදී ලිංගේන්ද්‍රය පෙදෙසෙහි ඇති වෙන්නේ වේදනාව රහිත ගැඹුරු තුවාලයකි. ඉකිලි පෙදෙසෙහි වසා ගැටිති ඉදිමීමක් හෙවත් කුද්දටි ඇතිවීමක් සිදුවන අතර එහිදී වේදනාවක් නොදැනෙනු ඇත. ප්‍රාථමික උපදංශ රෝග තත්ත්වය ලෙස මෙය හඳුන්වනවා.

ශ්‍රාව ලෙස ප්‍රධානව (Gonorrhoea) ගොනෝරියා රෝගය හඳුන්වන්න පුළුවන්. මෙම රෝග තත්ත්වයට අදාළ රෝග කාරකය “නයිසිරියා ගොනෝරිය” නම් බැක්ටීරියා විශේෂයයි. ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ ආසාදනයෙන් සතියක පමණ කාලයක් තුළදී සැරව වැනි ශ්‍රාවයක් ලිංගේන්ද්‍රයෙන් නොකඩවා නිකුත්වීමයි. මුත්‍රා දැවිල්ල, නිතර මුත්‍රා පිටකිරීමේ අවශ්‍යතාවය හා උදරයේ පහළ කොටසේ වේදනාව එහිදී ඇතිවිය හැකි අනෙකුත් රෝග ලක්ෂණයි.

හර්පිස් රෝගය ලිංගාශ්‍රිත රෝගයක්ද?

මෙය සමාජය තුළ බහුලව පවතින සමාජ රෝග තත්ත්වයක්. මෙහි වර්ග 2ක් තිබෙනවා.

Herpes Zoster

කාලයකට ඉහතදී පැපොල රෝගය ඇතිවෙලා තිබිලා, ඊට පස්සේ කාලයක් ගියාට පස්සේ එක තැනක පමණක් බිබිලි ඇතිවීම. බොහෝ විට මුඛය අභ්‍යන්තරයේ හා ඒ ආශ්‍රිතව ඇතිවිය හැක.

Herpes Simplex

රෝග කාරකය, මෙය Herpes Simplex නම් වෛරසය මගින් බෝවේ. රෝගය බෝවන ආකාරය ප්‍රධාන වශයෙන් ලිංගික සම්බන්ධතා මගින් පමණි. genital herpes ලෙසත් හඳුන්වනවා. ශරීරයේ ශ්ලේෂ්මල පටල එකිනෙක ගැටෙන යෝනි, මුඛ හෝ ගුද සංසර්ගයේදී මෙම වෛරසය කෙනෙකුගෙන් තව කෙනෙකුට බෝවේ. මීට අමතරව ආසාධිත මවකගෙන් තම යෝනියෙන් බිහිවන දරුවාටද යෝනි පටක ස්පර්ශවීමේදී වෛරසය බෝවිය හැකිය.

Herpes Simplex රෝග තත්ත්වයේ ප්‍රධාන රෝග ලක්ෂණ මොනවාද?

මෙහිදී කොටසකට රෝග ලක්ෂණ සහිත ආසාදන ඇතිවන අතර තවත් කොටසකට රෝග ලක්ෂණ රහිත ආසාදන ඇතිවේ.

වේදනාකාරී කුඩා බිබිලි ඇතිවී ඒවා පුපුරා තුවාල ඇතිවීම. මේවා සාමාන්‍යයෙන් ශිෂ්ණයේ, වෘෂණකෝෂවල, යෝනි මාර්ගයේද, යෝනි තොල් හා අවට ප්‍රදේශයේ, ගුද මාර්ගයේ හෝ අවටද ඇතිවිය හැක. මීට අමතරව මුඛයේ තොල් හා උගුරේ, අත්, ඇස්, තොල් යන සෑම තැනකම ඇතිවිය හැක.

මෙම දියරමය ගෙඩි ඇතිවීමට ප්‍රථම එම ස්ථානයේ නළියන ස්වභාවයක්, දැවිල්ල, කැසීම හා කැක්කුම ඇතිවේ. ඉන්පසු ඇතිවන දියරමය ගෙඩි පුපුරා යන අතර ඉන් ඇතිවන තුවාල ඉතා වේදනකාරී වේ.

මුත්‍රා පිටකිරීමේදී දැවිල්ල, වේදනාව.

උණ, හිසරදය, කොන්දේ වේදනාව.

හන්දි අමාරුව.

මාංශ පේශිවල වේදනාව.

කෑම ප්‍රියතාව අඩුවීම.

ඇග පණ නැති ගතිය.

ඉකිලි ප්‍රදේශයේ කුද්දටි ඉදිමීම.

මානසික ආතතිය.

ට්‍රයිකොමොනයිසස්

මෙයද ලිංගාශ්‍රිත රෝගයකි. ආසාදනයට ලක්ව මසක පමණ කාලයකදී පෙණ සහිත අධික ශ්‍රාවයක් කාන්තා රෝගීන්ගේ ලිංගේන්ද්‍රය පෙදෙසින් නිකුත්වීම සිදුවේ. මෙයට අදාළ රෝග කාරකය වන්නේ “ට්‍රයිකොමොනාස් වැජිනේලිස්” නම් පරපෝෂිත විශේෂයයි. මෙහි අනෙක් රෝග ලක්ෂණ ලෙස මුත්‍රා දැවිල්ල හා කැසීමයි. පුරුෂයන් බොහෝ විට රෝග ලක්ෂණ දක්වන්නේ නැත. එහෙත් මුත්‍රා දැවිල්ල හෝ වෘෂණ කෝෂ ආශ්‍රිතව වේදනාව ඔවුන්ගේ ඇතැම් විට දැකිය හැක.

ඒඩිස් (AIDS)

AIDS යනුවෙන් කියවෙන්නේ Acquired Immune Deficiency Syndrome යන්නයි. එනම් නතුකරගත් ප්‍රතිශක්ති ඌණතා සහ ලක්ෂණ යන්නයි. මෙම රෝගයේ රෝග කාරකය වන්නේ Human immunodeficiency virus හෙවත් මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයයි. මෙහි විශේෂ ලක්ෂණ 2ක් වේ. එනම් සජීවී සෛල තුළ පමණක් ජීවත් වේ. ආසාදනයේ ප්‍රතිඵලයක් ලෙස ශරීරයේ ප්‍රතිශක්ති කරන පද්ධතිය විනාශ කරයි.

මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස සිරුරේ බර අඩුවීම, මසකට වඩා පවතින උණ, මසකට වඩා පවතින පාචනය. සුළු රෝග ලක්ෂණ ලෙස හතිය, කැස්ස, විවිධ චර්ම රෝග, අතපය රුදාව, අධික ලෙස දහඩිය දැමීම වේ.

අවදානම් සාධක

ඔබට රෝග ලක්ෂණ මතුවී ඇති විටක ලිංගික සබඳතා පැවැත්වීමෙන් හා සිප ගැනීමෙන් වළකින්න.

ලිංගික සබඳතාවල දී ආරක්ෂිත ක්‍රමවේද භාවිතා කළයුතු වේ.

තමාගේ ස්ථිර සහකාරිය /සහකරු සමග පමණක් ලිංගික සබඳතා පැවැත්වීම හා දැනුවත් භාවය කළ යුතුය.

බටහිර වෛද්‍ය ක්‍රමය තුළ මෙවැනි ලිංගික රෝග තත්ත්ව වලදී ප්‍රති වෛරස් ඖෂධ හෝ ප්‍රති බැක්ටීරියා ඖෂධ භාවිතා කිරීම තුළින් රෝග තත්ත්වය පාලනය වේ. එම ප්‍රතිකාර ක්‍රමය තුළ සුවකළ නොහැක. එය සත්‍යයකි. නමුත් හෝමියෝපති ප්‍රතිකාර එයට හාත්පසින්ම වෙනස් වූ ප්‍රතිකාර ක්‍රමයකි. මූලධර්මය “රෝගයට සමාන ප්‍රතිකාර මගින් රෝගයේ සුවයයි” මෙවැනි ලිංගාශ්‍රිත රෝග තත්වයකදී.

හෝමියෝපති ප්‍රතිකාර

රෝගකාරකයක් එනම් බැක්ටීරියාවන්, වෛරසයන් මෙවැනි දෙයක් ප්‍රතිදේහ ඒකකයක් ලෙස අප හඳුන්වනවා. ප්‍රතිදේහ ඒකකයක් අපගේ ශරීරයට ඇතුළු වූ විට ශරීරයේ ස්භාවික ප්‍රතිශක්තිකරණ පද්ධතිය එම ආගන්තුක කාණ්ඩ එලවා දැමීමට, විනාශ කිරීමට, ප්‍රතිප්‍රහාර එල්ල කරනවා. එයට අදාළව ප්‍රතිදේහ ගොඩනැගීම එහි සංකීර්ණත්වය අපගේ ප්‍රතිශක්තිකරණ යාන්ත්‍රණය මගින් සිදු කරනුයේ වෙනස්වීම රෝගියකු පෙන්වන රෝග ලක්ෂණ වෙනවා. හෝමියෝපති ප්‍රතිකාර රෝග ලක්ෂණ උපයෝගි කරගෙන මූලධර්මයට අනුකූලව ප්‍රතිකාර කරන ක්‍රමය තුළ රෝගියාට ආවේනික රෝග ලක්ෂණයට අනුකූලව නියමාකාර ඖෂධීය බලශක්තිය ශරීරගත කිරීමයි. මෙහිදී එම ඖෂධීය ශක්තිය තුළ ප්‍රතිශක්තිකරණ යාන්ත්‍රණය නැවත යථාතත්වයට ගෙන ඒමට හැකියාව ඇති විමයි. මෙහිදි එනම් රෝග ලක්ෂණ ක්‍රම ක්‍රමයෙන් පහවයාම රෝග කාරකයට හේතු වූ ප්‍රතිදේහ ඒකකය එනම් බැක්ටීරියා වෛරස් ශරීරය තුළ ක්‍රම ක්‍රමයෙන් විනාශවීම සිදුවීමයි. ඒ තුළ රෝග මූලය ඉවත්වී පූර්ණ සුවයක් හෝමියෝපති ප්‍රතිකාර මගින් ලබාගත හැකිවීමයි.

වැඩිදුර තොරතුරු සඳහා දුරකථන අංක 071 8250716 /17

ලිංගාශ්‍රිත රෝග සුවයට හෝමියෝපති ප්‍රතිකාර

එච් කේ හෝමියෝපති
ආරෝග්‍යශාලාවේ නිර්මාතෘ
වෛද්‍ය අනුෂා හේමකුමාර
එච් කේ හෝමියෝපති හෙල්ත් කෙයාර්
නො.12, පී. බී. අල්විස්
පෙරේරා මාවත, කටුබැද්ද, මොරටුව.

සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment