මහැදුරුගේ සිත තදින් පැහැරගත් රිවර්ස්ටන්

311

මෙරට ස්වභාවික සුන්දරත්වය ලොවක් මවිත කරවනසුලූ විචිත‍්‍රත්වයකින් යුක්තය. එවැනි ස්ථාන නිර්මාණශීලී දෑසින් දැක චිත‍්‍රපට ටෙලිනාට්‍ය පසුබිම් දර්ශන හරහා පේ‍්‍රක්‍ෂකයන් වෙත සමීප කරන පිරිස අතරින් නිර්මාණ අධ්‍යක්‍ෂවරුන් මෙන්ම නළු නිළියන්ට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්ය. ඔවුන් සියැසින් දුටුව මෙරට ලස්සන පිළිබඳව කතාබහ කරන අලූත්ම ලිපි මාලාව වන ඵහ ත්‍්ඩදමරසඑැ ඛදජ්එසදබ විශේෂාංගය හරහා මෙවර අප හා කතාබහ පිණිස එක්වන්නේ අපට සිටින සම්මානනීය චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරයෙකු වන මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ය.

 * සම්මානනීය චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරයෙක් ලෙස ඔබ වඩාත් ප‍්‍රියකරන දර්ශන තලය දකින්නේ කුමන ප‍්‍රදේශයේදීද?

 මාතලේ දිස්ත‍්‍රික්කය තුළ පිහිටි රිවර්ස්ටන් ප‍්‍රදේශය මගේ සිත තදින් පැහැරගත් ප‍්‍රදේශය ලෙස හඳුන්වන්න පුළුවන්. මා විසින් අධ්‍යක්‍ෂණය කළ චිත‍්‍රපට අතරින් මෑතකදී අධ්‍යක්‍ෂණය කළ චිත‍්‍රපට හතරක් පමණ ඒ ප‍්‍රදේශය ආශ‍්‍රිතව රූගත කිරීම් කරලා තිබෙනවා. ඒ පරිසරය සහ ඒ අවට පවතින නිහ`ඩ සුන්දරත්වය විසින් කරන ලද කැඳවීමක් අනුව ඒ කටයුතු සිද්ධ වුණා කියලා සඳහන් කරන්නත් පුළුවන්.

මහැදුරුගේ සිත තදින් පැහැරගත් රිවර්ස්ටන්



 * එවැනි පරිසරයක් තෝරා ගැනීම පිණිස ඔබ යොමුවන්නේ කොහොමද

 මම පාසල් යන අවධියේ එක්තරා චිත‍්‍රපටයක් නරඹන්න අවස්ථාව ලැබෙනවා. චිත‍්‍රපටයේ නම ‘‘වෙසතුරු සිරිත’’ ඒ චිත‍්‍රපටයේ කැමරාව මෙහෙවල තිබුණේ අපේ රටේ බිහිවූ විශිෂ්ට කැමරා ශිල්පියකු වන සුමිත් අමරසිංහ. ඒ රූප මාලාව මගින් තමයි මම ඒ පරිසරය මුලින්ම දකින්නේ. ඒ විතරක් නොවෙයි, වෙසතුරු සිරිත චිත‍්‍රපටයෙන් මම එදා දුටුව ඒ පරිසරයේ සුන්දරත්වය මගේ සිතේ නොමැකෙන ලෙස සටහන්වූ රූප මාලාවක් බවටත් පත්වෙනවා. නමුත් වෙසතුරු සිරිත රිවස්ටන් ප‍්‍රදේශයේ රූගත කළ වගක් මම එදා දැනගෙන හිටියේ නෑ. නමුත් පසු කාලෙක මම චිත‍්‍රපට අධ්‍යක්‍ෂණයට යොමු වුණාට පස්සේ කුමක් හෝ හේතුවක් මත ඒ පරිසර පද්ධතිය මගේ චිත‍්‍රපට කීපයක් සඳහාම පසුතලය ලෙස යොදාගන්න අවස්ථාව ලැබෙනවා.

 * ඔබ සඳහන් කරන ඒ චිත‍්‍රපට කීපය අතුරින් මුලින්ම රිවස්ටන් ප‍්‍රදේශය මුල්කර ගනිමින් රූගත කළ චිත‍්‍රපටය කුමක්ද?

 සුදු සෙවණැලි චිත‍්‍රපටය රූගත කිරීම පිණිස තමයි මම මුලින්ම ඒ ලොකේෂන් එකට යන්නේ. එදා තමයි මම මුල්වරට රිවස්ටන් සුන්දරත්වය ඇස් දෙකෙන් දකින්නේ. ඒ රූගත කිරීම් සිද්ධ වුණේ 2000 වර්ෂයේදී. එතැන් සිට මේ දක්වා රිවස්ටන් සුන්දරත්වයෙන් මිදෙන්න මට පුළුවන් කමක් ලැබිලා නෑ.

 * ඉන් අනතුරුව ඒ ප‍්‍රදේශය මුල්කර ගනිමින් ඔබ විසින් අධ්‍යක්‍ෂණය කළ චිත‍්‍රපට ගැන යමක් සඳහනක් කරනවානම්…..

 ඔව් සුදු සෙවනැලි චිත‍්‍රපටයෙන් පස්සේ කුසපබා, පත්තිනි සහ යශෝදරා කියන චිත‍්‍රපට තුන ගත්තොත් ඒ චිත‍්‍රපටවල බොහෝ රූප රාමුවලට පසුබිම වෙන්නේ රිවස්ටන්. ඒ තෝරා ගැනීම කොපමණ සාර්ථකද කියලා කෙනෙකුට දැකගන්න ඕන නම් යශෝදරා චිත‍්‍රපටයේ ආරම්භක දර්ශනය වුවත් ඒ සඳහා ප‍්‍රමාණවත් කියලා මම විශ්වාස කරනවා. චන්න දේශප‍්‍රිය කියන අපේ රටේ ඉන්න විශිෂ්ට කැමරා ශිල්පියාගේ කුසලතාවය විසින් රිවස්ටන් හී සුන්දරත්වය ඉතාමත් විශ්ෂ්ට ලෙස කැමරාවට හසුකර ගත් ආකාරය ඒ දර්ශන පෙළ හරහා දැක ගැනීමට පුළුවන්.

 * ඔබ විසින් කරන කැඳවීමකට අනුව රූගත කිරීම් පිණිස එහි ගිය නළු නිළියන්, ඒ වගේම නිෂ්පාදන කණ්ඩායම් ඒ පරිසරය විඳගත්තේ මොන වගේ ආකරයෙන්ද?

 ඇත්තටම අපේ රටේ නළු නිළියො පමණක් නොවෙයි ඉන්දියානු සිනමාවේ නළු නිළියන් පවා මගේ නිර්මාණවලට දායක වූ අවස්ථාවන් තිබෙනවා. ඒ සෑම දෙනාමත් විශ්මයට පත් කරන්න සමත්වූ අපූර්වත්වයක් ඒ පරිසර පද්ධතිය තුළ තිබුණා. ඒ අය එහි පැවති සුන්දරත්වයෙන් මත්වුණා කිව්වොත් වඩාත් නිවරදියි.

මහැදුරුගේ සිත තදින් පැහැරගත් රිවර්ස්ටන්



 * ඔබ මීට වසර 22 ට පෙර දුටුව රිවස්ටන් සුන්දරත්වය අද වනවිට දකින්න පුළුවන්ද?

 රිවස්ටන්වලට ඇතුළුවන ස්ථානයේ හා පිටවන ස්ථානයේ යම් යම් වෙනස්කම් සිද්ධවෙලා තිබෙනවා. රිවස්ටන් නරඔන්න යන සංචාරකයන්ගේ පහසුව පිණිස යම් යම් ඉදිකිරීම් හේතුවෙන් තමයි ඒ වෙනස ඇතිවෙන්නෙ. ඒ හැරුණු කොට රිවස්ටන් වෙත ඇතුළු වුණාට පස්සේ එදා මම මුල්වරට දුටුව රිවස්ටන් අදත් දැක ගන්න පුළුවන්. ඒ සුන්දරත්වය තවදුරටත් ආරක්‍ෂා කරන්න පරිසරවේදීන් ලොකු උත්සාහයක් දරනවා. ඒක හොඳ තත්ත්වයක් ලෙස තමයි මම දකින්නෙ. මම මුලින්ම ඒ ප‍්‍රදේශයට යද්දී ඒ ආශ‍්‍රිතව හෝටල් නවාතැන් පළවල් ආදිය තිබුණේ නෑ. මට මතකයි අපි මුලින්ම රත්තොට කියන ප‍්‍රදේශයේ නිවසක් කුලියට අරන් එහි නතරව හිඳිමින් තමයි රූගත කිරීම් පිණිස රිවස්ටන්වලට ආව ගියේ.

 * ඔබ වඩාත් වශීකෘතවූ පරිසරයක් වන රිවස්ටන් හී රූගත චිත‍්‍රපට හේතුවෙන් ඒ පරිසර පද්ධතියට යම් හෝ හානියක් සිදුවුණේ නැද්ද

 මමත් මගේ නිෂ්පාදන කණ්ඩායමත් ඉතාමත් පරිස්සමෙන් ඒ කටයුතු සිද්ධ කළා. ඒ සඳහා අධික පිරිවැයක් දරන්න පවා නිෂ්පාදකවරුන්ට සිද්ධ වුණා. එක් අවස්ථාවක රූගත කිරීම් සඳහා අශ්වයන් කීප දෙනෙක්ම ඒ ප‍්‍රදේශයට අරන් යන්න අපට සිද්ධ වෙනවා. ඒ සඳහා අදාළ ආයතනවලින් අවසර ගන්න පවා සිද්ධ වුණා. ඒ සෑම අවස්ථාවකදීම පරිසරයට අවම හෝ හානියක් නොවන ලෙස වැඩකටයුතු කරන්න අපට පුළුවන්කම ලැබෙනවා.

 * ඔබ විසින් ඉහත සඳහන් කළ රූගත කිරීම් අතරේ සිදුවූ විශේෂ සිදුවීම් මොනවද?

 චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරයෙක් ලෙසත් ඒ වගේම රිවස්ටන්වලට අසීමිතව ඇලූම් කරන්නෙක් ලෙසත් සෑම අවස්ථාවක්ම පුද්ගලිකව මට විශේෂයි. ඒ වගේම රිවස්ටන් ඇතුළේ දකින්න ලැබෙන පරිසරය එහි යන ඕනෑම කෙනෙකු තුළ විශේෂත්වයක් ඇති කරවනවා. රිවස්ටන් කඳුපෙළ පාමුලින් පිහිටි ප‍්‍රධාන මාර්ගයේ බොහෝ දෙනෙක් ගමන් කළත් මේ කියන සුවිශේෂි පරිසර පද්ධතියට ඒ අයගෙන් බොහෝ දෙනෙක් ඇතුල්වෙලා නැහැ. ඒ නිසා මා කියු පමණින් මේ සුන්දරත්වය විඳගන්න ඇතැම් විට නොහැකි වේවි. තව දෙයක් කියන්න ඕන. ඒ තමයි කුසපබා චිත‍්‍රපටයේ ඇතුළත් ‘‘ජල ධාරාවේ’’ කියන ගීතය. මේ ගීතය රූගත කිරීමේදී ඒ සඳහා පසුතලය නිර්මාණය කළ ‘‘සේර ඇල්ල’’ කියන අප‍්‍රකට දිය ඇල්ල පිහිටලා තිබෙන්නෙත් රිවස්ටන්වල.


 රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment