ලිංගික අල්ලස් ගන්න ගිය වනාතවිල්ලුව ඕඅයිසී දැලේ

632

වනාතවිල්ලූව ප‍්‍රදේශයේ කාන්තාවකගෙන් රුපියල් ලක්ෂයක මුදලක් සහ ලිංගික අල්ලසක් ලබාගැනීමට උත්සාහ කළ වනාතවිල්ලූව පොලිස් ස්ථානාධිපතිවරයා අල්ලස් හෝදූෂණ විමර්ශන කොමිසම මගින් ඊයේ (28 දා) සවස අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කාන්තාව විසින් අල්ලස් විමර්ශන කොමිසම වෙත කර තිබූ පැමිණිල්ලකට අනුව වනාතවිල්ලූව පොලිසියට ගිය එම කොමිසමේ නිලධාරීන් අදාළ ලිංගික අල්ලස සහ මුදල් ඉල්ලා සිටි අවස්ථාවේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධියට සම්බන්ධ කාන්තාව සිය සැමියාගෙන් නීත්‍යනුකූලව වෙන්වූ තැනැත්තියක බව අල්ලස් කොමිසම පවසයි. ඇයට සිය සැමියාගෙන් ලැබීමට නියමිත ඉඩමක් සම්බන්ධයෙන් ආරවුලක් පැවැති අතර එම ආරවුල කාන්තාවට වාසිවන අන්දමින් විසඳීම සඳහා සැකකාර ස්ථානාධිපතිවරයා රුපියල් ලක්ෂයක මුදලක් සහ ලිංගික අල්ලසක් ඇයගෙන් ඉල්ලා ඇත.

කාන්තාවගේ ප‍්‍රශ්නය බරපතළ නිසා ඔහු සමග හෝටලයකට යෑමට පැමිණියහොත් සිද්ධිය ගැටලූවකින් තොරව අවසන් කර දීමේ පොරොන්දුවට ඇය සමග පුත්තලම නගරයේ හෝටලයක නවාතැන් ගැනීමට අවශ්‍ය බව පොලිස් ස්ථානාධිපතිවරයා යෝජනා කර තිබෙන බවද හෙළිවී තිබේ.

අනතුරුව අදාළ කාන්තාව මේ පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කිරීමෙන් පසුව අදාළ කාන්තාව හා පොලිස් ස්ථානාධිපතිවරයා හෝටලයට ඇතුළුවී සිටියදී එම නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පුත්තලම හෝටලයකදී අත්අඩංගුවට ගත් වනාතවිල්ලූව පොලිස් ස්ථානාධිපතිවරයා අල්ලස් විමර්ශන නිලධාරීන් විසින් පුත්තලම මූලස්ථාන පොලිසියට රැුගෙන ඒමෙන් පසුව 29 දා පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පරීක්‍ෂණ පවත්වයි.

හේමන්ත රන්දුණු, අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment