ලෝක වෙළෙඳපොළේ මිල නැග්ගත් ගෑස් මිල වැඩි කරන්නේ නෑ

50

ලිට්‍රෝ සභාපති

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන් ඉහළ ගියත් රුපියලේ අගය ශක්තිමත්වීම නිසා මේ මාසයේ (මාර්තු) ගෑස් මිල වැඩි නොකරන බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

ඊයේ (05දා) මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල වැඩිකිරීමට මුලින් තීරණය කර තිබුණත් රුපියල ශක්තිමත්වීම නිසා ගෑස් මිලේ වෙනසක් සිදුනොකරන බවද ඒ මහතා පවසයි. කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,743.00 ක්, කිලෝ ග්‍රෑම් 05 රුපියල් 1,904.00 ක් සහ කිලෝග්‍රෑම් 2.5 රුපියල් 883.00 ක්වන පවතින මිලටම ගෑස් සපයන බවද ඒ මහතා අවධාරණය කරයි.

මෙරටට ගෑස් සැපයීම සඳහා මේ වනවිට අත්සන් කර තිබෙන ගිවිසුමට අනුව 2024 අප්‍රේල් වනතෙක් අඛණ්ඩව ගෑස් සැපයීම සිදුවන බවද ඒ මහතා වැඩිදුරටත් පවසයි.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment