වියෝ ගී ගැයෙනා හදේ… නීලාගේ දේහය ලංකාවට රැගෙන එයි

457

අවසන් කටයුතු අද බොරැල්ලේ දී

ඉතාලියේ ශ‍්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය ලෙස සේවය කරමින් සිටියදී මියගිය ප‍්‍රවීණ ගායිකා විශාරද නීලා වික‍්‍රමසිංහ මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (29 දා* සවස බොරැුල්ල කනත්තේදී සිදු කෙරෙන බව ශ‍්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති විශාරද ජානක වික‍්‍රමසිංහ මහතා ‘දිවයින’ ට පැවසීය.

දේහය මේ වනවිට මහජන ගෞරවය සඳහා පැපිලියාන, දෙහිවල පාරේ අංක 185/1 දරන නිවසේ තැන්පත් කර ඇතැයිද ඒ මහතා කියා සිටියේය.

විශාරද නීලා වික‍්‍රමසිංහ මහත්මියගේ දේහය පෙරේදා (27 දා) රාත‍්‍රී 8.30 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබීය. දේහය භාරගැනීම සඳහා ඇයගේ සමීපතම ඥාතීන් සහ ශ‍්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් පැමිණ සිටියහ.

ඇයගේ වියෝව මෙරට සංගීත ක්ෂේත‍්‍රයට සිදුවූ පිරිමැසිය නොහැකි පාඩුවක් බවද විශාරද ජානක වික‍්‍රමසිංහ මහතා පැවසීය.

විශාරද නීලා වික‍්‍රමසිංහ මහත්මිය මියයන විට 72 හැවිරිදි වියේ පසුවූවාය. ‘පුංචි සිතේ පුංචි සිනා, වියෝ ගී, පෙම් සිලිලාරේ, සිලිං බිලිං, රන් ටිකිරි සිනා’ ඇතුළු ජනපි‍්‍රය ගී රාශියක් ගායනා කරමින් මෙරට සංගීත ලෝලීන් පිනවූ ඇයගේ නාමය සදා අමරණීය ය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment