වෙඩි වැදුණු මස් මුදලාලි මරුට

4183

අද උදෑසන මහබාගේ පොලිස් වසමේ ඇලපිටිවල හන්දිය ආසන්නයේ මස් වෙළෙඳසැලක හිමිකරුවෙකුට වෙඩිතබා ඝාතනය කර තිබිණි.යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර පළා ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබු පුද්ගලයා රාගම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇත.එලෙස මියගොස් ඇත්තේ කඳාන ප්‍රදේශයේ පදිංචි හෙට්ටිආරච්චිගේ දොන් සුජිත් නැමැත්තෙකු බව අනාවරණය වී තිබේ.මියගිය පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන වැල්ලේ සාරංග නැමැත්තාගේ ඥාතියෙක් වන බවට ද තොරතුරු ලැබී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment