ශ්‍රී ලංකන්ට ගුවන්යානා 11ක් ගන්න කැබිනට් අනුමැතිය

248

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ගුවන් යානා 11ක් ලබාගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

කල්බදු කාලය සම්පූර්ණ වීමෙන් පසු ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් ඉවත් කෙරෙන ගුවන් යානා 11ක් වෙනුවට මෙලෙස අලුතින් ගුවන් යානා එක්කරගනු ඇත. මේ පිළිබඳව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ මහතා මෙලෙස කරුණු දක්වා තිබිණි.

“මෙහෙයුම් ලාභය අද වනවිට මේ වසරේ රුපියල් මිලියන 6,000ක් තියෙනවා. ඊළඟ වසර වනවිට ලීසිං කාලය පිරීම නිසා ගුවන් යානා 9ත් 11ත් අතර ප්‍රමාණයක් අපෙන් යනවා. කැබිනට් මණ්ඩලය විසින් අප වෙත අනුමැතිය ලබාදුන්නා ඉවත්ව යන ගුවන් යානා වෙනුවට ගුවන්යානා ලබාගැනීමට. ඉදිරි මාස 3ක් 4ක් තුළදී ගුවන්යානා 3ක් හෝ 4ක් අපගෙන් ඉවත්ව යනවා. ඒ නිසා අපගේ ප්‍රමුඛතාව හිමිවන්නේ ඒ සඳහායි. නමුත් අඩු මිලකට ගුවන් යානා ලබාගත හැකි නම් අප විසින් විශ්ලේෂණයක් සිදුකර අපගේ ගුවන් සේවයට සහ රටට උචිත ආකාරයට ක්‍රියාකරනවා.”
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment