ශ්‍රී ලංකාවට කායවර්ධන ලෝක ශූරතාවක්

243

තායිලන්තයේදී 13 වැනි වරටත් පැවැති ලෝක කායවර්ධන සහ ශාරීරික ක්‍රීඩා තරගාවලියේදී ශාරීරික යෝග්‍යතා අංශයේ සෙ. මී. 175 කාණ්ඩයේ ලෝක ශූරයා බවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග කළ හර්ෂ් ඩී. පීරිස් පත්විය.

රටවල් 44 ක සහභාගිත්වයෙන් පැවැති මෙම තරගාවලිය, තායිලන්ත ඔලිම්පික් කමිටුව, ක්‍රීඩා අමාත්‍යාංශය, ක්‍රීඩා සංවර්ධන අරමුදල එක්ව සංචාරක අමාත්‍යාංශයේ අනුමැතිය මත ලෝක කායවර්ධන සහ ශාරීරික ක්‍රීඩා සම්මේලනය සංවිධානය කර තිබිණි. මෙම සම්මේලනයේ ශ්‍රී ලංකා සංගමය නියෝජනය කරමින් හර්ෂ් මෙම තරගාවලියට සහභාගි විය. ශ්‍රී ලංකා කායවර්ධන ඉතිහාසයේ ශාරීරික යෝග්‍යතා තරග අංශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ පළමු අවස්ථාව මෙය වේ. එහිදී හර්ෂ් ඩී. පීරිස් ශ්‍රී ලංකාවට පළමු ජයග්‍රහණය හිමිකර දීමට සමත් විය.

advertistmentadvertistment
advertistmentadvertistment