ශ්‍රී ලංකා බංගලි එක්දින තරගාවලිය අද ඇරැඹේ

152

බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය බංග්ලාදේශයේ චැතොග්‍රම් ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරගයක් ලෙස මෙරට වේලාවෙන් අද (13 වැනිදා) ප.ව.1.30ට ආරම්භ වීමට නියමිතය.

එහිදී සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට කුසල් මෙන්ඩිස් විසින් නායකත්වය ලබාදෙන අතර නජ්මුල් හුසේන් ෂැන්ටෝ බංග්ලාදේශ කණ්ඩායම මෙහෙයවයි.

තරගාවලියේ දෙවන සහ තෙවන තරග ලබන 15 වෙනිදා සහ 18 වැනිදා මෙම ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායම බලාපොරොත්තු බිඳී ගිය ලෝක කුසලාන තරගාවලියකින් පසුව බංග්ලාදේශයට එරෙහිව එක්දින තරඟයකදී හමුවන පළමු තරඟය මෙය වන අතර ලෝක කුසලාන තරගාවලියේදී බංගලාදේශය හමුවේද ශ්‍රී ලංකාව පරාජයට පත්විණි.

දෙරට අතර එක්දින තරගාවලිය සඳහා වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර නැවතත් සංචිතයට ඇතුළත් කර ඇති අතර, පිතිකරණ තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් ද සංචිතයට ඇතුළත්ව සිටිති.

කෙසේ වෙතත් ආබාධයකට ලක්ව සිටින පළපුරුදු වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සහ ශ්‍රී ලංකා අවසන් එක්දින සංචිත දෙකට ඇතුළත්ව සිටි නමුත් එක් තරගයකට පමණක් ක්‍රීඩා කර ඇති පිතිකරු ෂෙවෝන් ඩැනියෙල් ද මෙම සංචිතයෙන් ඉවත් කර ඇත.

ලහිරු කුමාර ඔහු සහභාගී වූ අවසන් පළමු පෙළ තරඟ හතරේදී කඩුලු 9ක් දවාගෙන දස්කම් දැක්වූ අතර විස්සයි 20 තරගවල දස්කම් දක්වමින් කමිඳු එක්දින සංචිතයට ඇතුළත්ව තිබේ.

එසේම මෙම සංචිතයට ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ඇතුළත්ව සිටින අතර ටෙස්ට් නායක ධනංජය ද සිල්වා එක්දින සංචිතයෙන් ඉවත් කර ඇති අතර කමිඳුට අවස්ථාව සලසා දීම සඳහා ඩැනියෙල් ඉවත් කර ඇත.

දෙරට අතර එක්දින තරග වාර්තාව පිරික්සීමේදී තරග 54 කින් තරග 42 ක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇති අතර තරග 10 ක් බංග්ලාදේශය ජයග්‍රහණය කර තරග 2ක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.

ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය

කුසල් මෙන්ඩිස් (නායක) චරිත් අසලංක, පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම, ජනිත් ලියනගේ, කමිදු මෙන්ඩිස්, සහන් ආරච්චි, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, අකිල ධනංජය, චාමික කරුණාරත්න, දිල්ශාන් මධුෂංක, ප්‍රමෝද් මධුශාන්, ළහිරු කුමාර

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment