ශී‍්‍ර ලංකා පළමු ටෙස්ට් කි‍්‍රකට් නායක බන්දුල වර්ණපුර අභාවය…. ‘දිවයින’ කී‍්‍රඩා සංග‍්‍රහයේ සාතිශය සංවේගය…!

854

ශ‍්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් කණ්ඩායමේ පළමු නායකයා ලෙස කටයුතු කළ බන්දුල වර්ණපුර නාමය ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසය තුළ සැමදා රන් අකුරින් ලියැවෙනු ඇති බවත්, වර්ණපුරයන්ගේ නික්ම යෑම අප රටට බලවත් පාඩුවක් බවත් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ශෝක පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී.

ශ‍්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් කණ්ඩායමේ පළමු නායකයා වූ බන්දුල වර්ණපුර මහතාගේ අභාවය වෙනුවෙන් අගමැතිවරයා නිකුත් කළ ශෝක පණිවුඩයේ මෙසේද සඳහන් වේ.

ශ‍්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් කණ්ඩායමේ පළමු නායකයා ලෙස කටයුතු කළ බන්දුල වර්ණපුර මහතා අභාවප‍්‍රාප්ත වූ පුවත ඇසීමෙන් මම බලවත් සංවේගයට පත්වීමි.

කලකදී ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙසත් අනතුරුව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් හි පරිපාලක තනතුරකත් සේවය කළ වර්ණපුර මහතා මෙරට ක‍්‍රිකට් ඉතිහාසයේ ටෙස්ට් වරම් ලැබූ පළමු ශී‍්‍ර ලාංකිකයා ද වේ.

කොළඹ නාලන්ද විiාලයේ ආදි සිසුවකු වූ බන්දුල වර්ණපුරයන්, නාලන්ද විiාලයේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රිකට් පිලේ නායකත්වය ද දැරීය. එතැන් පටන් ක‍්‍රිකට් කී‍්‍රඩාවට අත් පොත් තැබූ ඔහු, වර්ෂ 1975 දී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට එක් විය.

1975-1982 කාලය තුළ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ බන්දුල වර්ණපුර මහතා ලංකා ක‍්‍රිකට් ඉතිහාසය තුළ දී හමුවන සුවිශේෂී ක‍්‍රීඩකයකුය. ශ‍්‍රී ලංකාව ටෙස්ට් වරම් ලබාගැනීම සඳහා කළ දුෂ්කර මෙහෙයුමේ දී සිය කණ්ඩායමට විශාල සවියක් ලබාදුන් හෙතෙම, අප රට ක‍්‍රීඩා කළ පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කිරීමටද වාසනාවන්ත විය.

වර්ෂ 1979 ලෝක කුසලානයේදී ලංකා එක්දින ඉතිහාසයේ පළමු ජයග‍්‍රහණය ලබාගත් අවස්ථාවේ ද සිය කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ බන්දුල වර්ණපුරයන්ය.

ඔහුගේ ජාත්‍යන්තර ක‍්‍රිකට් දිවිය තුළ ටෙස්ට් තරග 4 ක් හා එක්දින තරග 12 ක් ක‍්‍රීඩා කරමින් ශ‍්‍රී ලාංකේය ක‍්‍රිකට් වංශකතාව නවමු මාවතක් ඔස්සේ රැුගෙන යෑමට සුවිශාල කාර්යභාරයක් ඉටු කළේය.

පුහුණුකරුවකු, කළමනාකරුවකු ලෙසත්, ක‍්‍රිකට් ක‍්‍රීඩාව දියුණු කිරීමට ලබා දුන් දායකත්වය නිසාත්, ක‍්‍රිකට් ක‍්‍රීඩාව වෙනුවෙන් කළ සේවය නිසාත් බන්දුල වර්ණපුර නාමය ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසය තුළ සැමදා රන් අකුරින් ලියැවෙනු ඇත. එසේම බන්දුල වර්ණපුරයන්ගේ නික්ම යෑම අප රටට බලවත් පාඩුවකි.

අභාවප‍්‍රාප්ත බන්දුල වර්ණපුර මහතාට නිවන් සුව ලැබේවායි ප‍්‍රාර්ථනා කරන අතර එතුමාගේ අභාවයෙන් ශෝකයට පත් එම පවුලේ සියලූ දෙනාටත්, ඥාති හිතමිත‍්‍රාදීන්ට හා බන්දුල වර්ණපුරයන්ට ආදරය කළ සුවහසක් ජනතාවටත් මාගේ බලවත් සංවේගය මෙයින් ප‍්‍රකාශ කරමි.

advertistmentadvertistment
advertistmentadvertistment