ශ‍්‍රීලනිපයේ අරමුණ රට සහ ජනතාව වෙනුවෙන් කටයුතු කිරීමයි – මෛත‍්‍රිපාල සිරිසේන

110

රජය සමග සහයෝගයෙන් කටයුතු කරන බවත් බණ්ඩාරනායක අගමැතිතුමා ගෙනගිය දර්ශනය හා වැඩපිළිවෙල ඉදිරියට ගෙනයෑම ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ අරමුණ බවත් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී මෛත‍්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

දිවංගත අග‍්‍රාමාත්‍ය එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතාගේ 62 වැනි ගුණානුස්මරණය සඳහා සහභාගිවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම එසේ කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් කතා කළ හිටපු ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

එතුමාගේ ප‍්‍රතිපත්තිය අනුව කටයුතු කිරීම තමයි එතුමාට අපි කරන ලොකුම ගෞරවය. ඒ නිසා එතුමා ගෙනගිය දර්ශනය සහ වැඩපිළිවෙල ඉදිරියට ගෙනයෑම අපේ අරමුණයි. රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් තමයි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අද කටයුතු කරන්නේ. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අනාගතය කියලා කියන්නේ රටේ අනාගතයයි.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ  කල්එළිය චන්ද්‍රවීර වික‍්‍රමරත්න
 

advertistmentadvertistment
advertistmentadvertistment