ආණ්ඩුව විකුණන ආයතන මිලදී ගන්න ජනතා පොදු සමාගමක් එයි

561

කොටසක් රුපියලයි

විපක්‍ෂයේ හා ආණ්ඩු පක්‍ෂයේ දේශපාලනඥයෝ, මැති ඇමැතිවරු දේශමාමක ව්‍යාපාරිකයෝ විද්වතුත්හු අද ඇරැඹුමට රොද බඳිති

විදෙස්ගත අපේ අයටත් කොටස් මිලදී ගන්න අවස්ථාව

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේදී ඒවා විදේශියන් අතට පත්වීම වැළැක්වීම සඳහා, එම ආයතන මිලදී ගැනීමට ශ්‍රී ලාංකික ‘ජනතා සමාගමක්’ පිහිටුවීමේ සමාරම්භක උත්සවය අද (27 දා) පැවැත්වීමට නියමිතය.

මෙම ජනතා සමාගම පිහිටුවීමේ පළමු සහ ප්‍රධාන වැඩකොටස් අද (27 දා) සවස 03.00 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ බී. – ගොඩනැගිල්ලේ ජැස්මින් ශාලාවේ පැවැත්වීමට නියමිතය.

Treasure Treasure Republic Guardians ලෙස නම් කර ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස, නාගරික සංවර්ධන කැබිනට් අමාත්‍ය ප්‍රසන්න රණතුංග, උත්තර ලංකා සභාගයේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුම පක්‍ෂයේ නායක උදය ගම්මන්පිල, සරත් ෆොන්සේකා, පාඨලී චම්පික රණවක, විජයදාස රාජපක්‍ෂ, වාසුදේව නානායක්කාර ඇතුළු මැති ඇමැතිවරුන් 30 කට වඩා වැඩි පිරිසක් ද ඩීඑස්අයි සමූහ ව්‍යාපාරයේ අධිපති කුලතුංග රාජපක්‍ෂ, පැලවත්ත කිරිපිටි සමාගමේ අධිපති ආරියශීල වික්‍රමනායක, නේචර් සීක්‍රට් සමූහ ව්‍යාපාරයේ අධිපති සමන්ත කුමාරසිංහ, අරලිය සහල් සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන ඇතුළු ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ දැවැන්තයන් ද මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, වෛi ගුණදාස අමරසේකර මහතා, වෛi වසන්ත බණ්ඩාර මහතා, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා ඇතුළු මහා සංඝරත්නය, විද්වතුන් සහ ජාතික සංවිධාන නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්වේ.

මෙම ජනතා සමාගමක කොටසක මිල රුපියලක් වන අතර ශ්‍රී ලාංකික ජනතාවට තමන් කැමති ඕනෑම කොටස් ප්‍රමාණයක් මිලදී ගෙන මෙම සමාගමේ කොටස්කරුවකු වීමට අවස්ථාව පවතින බව මෙම කටයුත්ත හා සම්බන්ධ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ලේකම් ජනක විජයපතිරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment