සර්ලා දෙන්නම ෆේල් ජනතාව කබලෙන් ළිපට – සජබ මන්ත්‍රී තිස්ස අත්තනායක

93

මේ මොහොතේ ආණ්ඩුව අනුගමනය කරන උපාය මාර්ගය වන තෙල් සංස්ථාව සතු ඉන්ධනහල් විකුණන ක්‍රියාවලියට දැඩි ලෙස විරුද්ධත්වය පළකරන බව සමගි ජන බලවේග පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ දී ඊයේ (27) අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කීය.-

අද මේ රට ඉතාමත් නරක තත්ත්වයට පත්වෙලා. ඊයේ ඉන්ධන මිල මේ වසර තුළ 5 වෙනි වතාවටත් වැඩි කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කළා. එය ඉතිහාසයේ වැඩි වෙච්ච විශාලතම ප්‍රතිශතයයි. මේ ඉන්ධන මිල වැඩි කිරීම හරහා ආණ්ඩුව මොකක්ද අපේක්ෂා කරන්නේ. ඉන්ධනත් සමග තමයි ජනතාවගේ කර්තව්‍යයන් බැඳිල තියෙන්නේ. මේ මොහොතේ ඉන්ධන මිල වැඩි කිරීම හරහා ආණ්ඩුව සිදුකර තිබෙන්නේ ජනතාව කබලෙන් ලිපට ඇද දැමීමක්.

ආණ්ඩුව ජනවාරි ජුනි ඇතුළත අවස්ථා ගණනාවක් ඉන්ධන මිල වැඩි කළා. එහිදී එයට සමානව අත්‍යවශ්‍ය සේවා හා භාණ්ඩ මිල මිල යන ඉහළ ගියා. ඒ බව විශේෂඥයන් හා රටේ පාලකයන් දන්නවා. නමුත් තෙල් මිල වැඩිකිරීම නිසා රටේ අවාසනාවන්ත තත්වය අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ.

ආණ්ඩුව බලයට එන විට පෙට්‍රල් ලීටරයක මිල තිබුණේ 177 ට. අද එය 470 ක් දක්වා ඉහළ ගිහින්. ඩීසල් තිබුණේ 121. දැන් 460 ක් දක්වා වැඩි වෙලා. එය ඉතාමත් නරක තත්වයක්. ඒ හා සමානවම ජනතාවගේ ආදායම වැඩි වුණේ නැහැ. ඒ නිසා ආණ්ඩුවෙන් අපි අහනවා මේ ආකාරයෙන් ඛනිජතෙල්, ගෑස්, විදුලි ප්‍රශ්නය විසඳන්න හා උද්ධමනය පාලනය කරන්න ආණ්ඩුව ගත්ත උත්සාහය මොකක්ද? කිසිම උත්සාහයක් ගත්තේ නැහැ. අපි සමගි ජනබලවේගය විදියට මීට මාස ගණනාවකට පෙර කිව්වා සර් ෆේල් කියලා. එසේ කිව්වේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අනුගමනය කරපු පියවරයන් නිසා රට අසාර්ථක වෙනවා දැකීම හේතුවෙන්. ඒ කතාව අද අපිට වෙන විදියකට කියන්න වෙනවා සර් පමණක් නෙමෙයි සර්ලා දෙන්නම ෆේල් වෙලා. අගමැති රනිල් වික්‍රමසිංහ තනතුරට ඇවිත් පස්වන සතිය කිසිදු මූලික ප්‍රශ්නයකට ආණ්ඩුවට උත්තර හොයන්න බැරි වෙලා.

අද වෙනකොටත් බහුතරයක් තෙල් බෙදාහරින්න ගෙන්නා ගන්න තෙල් නොමැති තත්ත්වයට පත්වෙලා. ඊයේ අපූරු විසඳුමක් ඛණිජතෙල් ඇමැති කිව්වා. ලංකාවේ තෙල් බෙදා හැරීම සඳහා තිබෙන ඉන්ධනහල් විදේශ සමාගම්වලට විකුණා දමන්නට ආණ්ඩුව තීරණය කර බව කියනවා. ඒ ගැන කැබිනට් මණ්ඩලය තීරණය ගන්නවා කිව්වා. ඒ කියන්නේ ලංකාවේ තිබෙන ඛනිජතෙල් සංස්ථාව සතු ඉන්ධන හල් විදේශ සමාගම් කිහිපයකට විකුණා දමන්නට ආණ්ඩුව කටයුතු කරමින් තිබෙනවා. ඒ සඳහා නිල වශයෙන් අනුමැතියක් ලබා ගන්න බව තමයි කියන්නේ. ඒකෙන් මොකක්ද අදහස් කරන්නේ. ලංකාවේ ඛනිජ තෙල් සංස්ථාව සතුව තිබෙන ශ්‍රී ලාංකික අයිතිය තියෙනවා ඒ ව්‍යාපාර සියල්ල විකුණා සල්ලි කරන්න බලනවා. ඒක විසඳුමක් නෙමෙයි. තෙල් හිඟයට විසඳුමත් ඉන්ධනහල් විකිණීම නෙමෙයි සබාස්බ ඔයිල් සමාගමට ලංකාවේ තෙල් බෙදාහැරීමේ සංස්ථාව සතුව තිබුණු ඉන්ධන හල්වලින් 30%ක් මීට වසර කිහිපයකට කලින් විකුණලා දැම්මා.

හැබැයි ඉන්දියන් ඔයිල් සමාගම මැදිහත් වෙලා ඒ 30%න් හරි ඔවුන්ට පුළුවන් වුණාද ඔවුන්ගේ ඉන්ධනහල් වල තියෙන තෙල් අලෙවි කරන්න ඒවට තෙල් නැහැ. මේ අර්බුදය අස්සේ ලංකාවේ සම්පත් විදේශ සමාගම් වලට විකිණීමෙන් ආණ්ඩුව උත්සාහ කරන්නේ අර්බුදය මැද නැවත වතාවක් ලංකාවේ දේශීය සම්පත් විකුණලා දාලා ප්‍රශ්නය වෙනත් පැත්තට හරවල නිදහස් වෙන් එය කණගාටුදායක තත්වයක්. මේ මොහොතේ ආණ්ඩුව අනුගමනය කරන මේ උපාය මාර්ගය වන තෙල් සංස්ථාව සතු ඉන්ධනහල් විකුණන ක්‍රියාවලියට දැඩි ලෙස විරුද්ධත්වය පළකරනවා. මේක නෙවෙයි විසඳුම තෙල් ගෑස් විදුලිය සැපයීම ආන්ඩුවේ මූලික වගකීමක් එය ඉෂ්ට කරන්න ආණ්ඩුව අසමත් වෙලා මේ කරන්නේ අර්බුදය අස්සේ මුදල් හම්බ කිරීමක්.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment