සහෝදරියගේ දියණිය කෙළෙසූ විශ්‍රාමික හමුදා නිලධාරියාට සිරදඬුවම්

364

සිය සහෝදරියගේ 15 හැවිරිදි දියණිය දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා වසර 15ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.

අගතියට පත් තරුණියට රුපියල් ලක්‍ෂ දෙක හමාරක වන්දියක් ගෙවීමට ද නියම කළ විනිසුරුවරයා විත්තිකරු රුපියල් 25,000 ක දඩයකට යටත් කළේය.

2009 වසරේදී සිදුවී ඇති එම අපරාධය සම්බන්ධයෙන් පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුට එරෙහිව නගා ඇති චෝදනාව පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට ඇති බවට නිගමනය කළ විනිසුරුවරයා විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසිත විපුලනායක මහතා කළ කරුණු සලකා බලමින් එලෙස ලිහිල් දඬුවම් නියම කළේය. විශ්‍රාමික හමුදා නිලධාරියකු වන සිය සේවාදායකයාගේ වයස සලකා අවම දඬුවමක් ලබාදෙන ලෙස නීතිඥ අසිත විපුලනායක මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment