සාගරය පරදවා රට දිනවූ අපේ දේවේන්ද්‍රන්

246

ඉන්දියාවේ ධනුස්කොඩියේ සිට තලෙයිමන්නාරම දක්වා පිහිනමින් නව ලෝක වාර්තාවක් තැබීමට පාසල් සිසුවකු සමත් වී තිබේ.

මඩකලපුව ශාන්ත මයිකල් විද්‍යාලයේ ශිෂ්‍යයකු වන දේවේන්ද්‍රන් මධුෂිකන් නැමති මෙම සිසුවා ජනාධිපති බාල දක්ෂයකු වශයෙන් ද කටයුතු කරයි.

පෝක් සමුද්‍ර සන්ධිය හරාහා කිලෝ මීටර් 30 ක දුරක් පැය 14 ක කාලයකින් පීනා අවසන් කළ පාසල් සිසුවකු වශයෙන් ඔහු නව ලෝක වාර්තාවට හිමිකම් කියනු ලබයි.

ධනුස්කොඩියෙන් පෙරේදා (28 වැනිදා) අලුයම 1.00ට පිහිනීම ආරම්භ කළ මෙම ශිෂ්‍යයා පස්වරු 3.05 ට තලෙයිමන්නාරම වෙත ළඟා විය.

මේ අවස්ථාවට මන්නාරම හා මඩකලපුව යන පළාත්වල දිසාපතිවරු ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද තවත් විශාල පිරිසක්ද සහභාගි වූහ.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment