සීයාගේ නමත් කාපු සීයා කූඩු

450

අට හැවිරිදි දැරියකට බරපතළ අපයෝජනයක් සිදුකිරීම සම්බන්ධයෙන් සිවිල් ආරක්ෂක භටයකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම සිවිල් ආරක්ෂක භටයා 54 වියෙහි පසුවන විවාහක පුද්ගලයෙකි.

 අතවරයට ලක්වූ දැරියගේ සීයා වන ඔහු දැරියට වසර තුනක් තිස්සේ අතවර සිදුකර ඇති බව පරීක්ෂණවලදී හෙළිවී ඇත. සැකකරු මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

 අතවරයට ලක්වූ දැරිය රෝහලට ඇතුළත්කර ඇත. වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂක ආර්. ඒ. ඒ. පෙරේරා මහතා සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි.


බඩල්කුඹුර රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment