සුනාමි අනතුරු ඇගවීම් දුරකථනයෙන්

180

සුනාමි අවදානමට ලක්විය හැකි පුද්ගලයන්ගේ ජංගම සහ ස්ථාවර දුරකථන අංක හැටදහසකට ආසන්න ප්‍රමාණයක් වෙත සයිරන් ශබ්දයක් සමග ක්ෂණික පූර්ව අනතුරු ඇඟවීමේ රිගින් ටෝන් නිවේදනයක් යොමු කිරීමට හැකි පරිදි නවීන තාක්ෂණික ක්‍රමවේදයක් හඳුන්වා දී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ නිසා වෙරළබඩ ආශ්‍රිතව වෙසෙන ජනතාවට රාත්‍රී කාලයේදී සයිරන් ශබ්දයක් සමඟ තම දුරකථන නාදවීම මගින් වඩාත් ඵලදායී පූර්ව අනතුරු ඇඟවීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කර ගත හැකි වනු ඇති බව ද එම මධ්‍යස්ථානය පවසයි.

මෙම ක්‍රමවේදය අදට (26දා) යෙදෙන ‘ජාතික සුරක්ෂිත දිනයට’ සමගාමීව ජනගත කිරීමට නියමිත බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටී.
ගාල්ල – ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment