හොර වීසා නිකුත් කළ අයෙක් අත්අඩංගුවට

115

ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර වීසා නිකුත් කළ සැකකරුවෙක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.කොළඹ ඉන්දියන් වීසා ආයතනයේ අනුශාඛාවක් මහනුවර පොලිස් වසමේ ගොපල්ලව මාවත ප්‍රදේශයේ පිහිටා ඇති අතර එම ආයතනයේ තොරතුරු සඳහන් කර වෙබ් අඩවියක් අදාළ සැකකරු විසින් සකසා ඇත.එමගින් ව්‍යාජ හා වංචා සහගත ලෙස පුද්ගලයන්ගෙන් කලක සිට වීසා නිකුත් කිරීම සඳහා මුදල් ලබාගන්නා ලද සැකකරු මාර්තු 28 වනදා සවස් කාලයේ දී වත්තේගම ප්‍රදේශයේ දී ලැප්ටොප් යන්ත්‍රය සහ ජංගම දුරකථනයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29ක් වූ පන්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු අප්‍රේල් මස 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment