උඩරට මැණිකේ වටගොඩදී පීලි පනී

70

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රිය තලවකැලේ වටගොඩ දුම්රිය ස්ථානය අසල දී ඊයේ (13 දා) දින පස්වරු 3.30 ට පමණ පීලි පැන ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසීය.

එම දුම්රියේ එන්ජිම පමණක් පීලි පැනීමට ලක් වී ඇති බවත්, එම දුම්රිය මාර්ගයේ ධාවනය කරන දුම්රියන් දුම්රිය ස්ථානයේ අනෙක් දුම්රිය මාර්ගයේ ධාවනය කිරීමට හැකි බව බවත් වටගොඩ දුම්රිය ස්ථානයේ නිලධාරියෙක් කීවේය.

පීලි පැනීමට ලක් වූ උඩරට මැණිකේ දුම්රියේ එන්ජිම ගලවා ඉවත් කර එම දුම්රිය ස්ථානයේ එක් වේදිකාවක නතර කර ඇත. උඩරට මැණිකේ දුම්රියෙන් ගමන් ගත් මගින් බදුල්ල දක්වා ධාවනය වූ විශේෂ දුම්රියෙන් සිය ගමනාන්තය දක්වා යැවීමට පියවර ගෙන ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය කියා සිටියේය.

පීලි පැනිමට ලක් වු දුම්රිය එන්ජිම පිලිගත කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ද දුම්රිය පාලක මැදිරියේ නිලධාරියෙක් පැවසීය.
නුවරඑලිය නාලක රත්නායක සහ හපුතලේ බුවනක

advertistmentadvertistment
advertistmentadvertistment