හොර හරක් ලොරියට ආරක්‍ෂාව දුන් සැරයන් අත්අඩංගුවට

73

හොර හරක් ලොරියකට පොලිස් ආරක්‍ෂාව ලබාදුන් යාපනය පොලිසියේ සැරයන්වරයෙක් පෙරේදා රාත්‍රියේ පොලිස් අත්අඩංගුවට පත් විය.

මෙම වැටලීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ද සහාය දී තිබේ. මෙම හරක් ලොරිය සහ එහි සිටි තිදෙනකු ද අත්අඩංගුවට ගෙන ඇත. යාපනය පොලිසිය දිගින් දිගටම සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරගෙන යයි. මෙම හරක් ලොරියට ඉදිරියෙන් මෙම සැරයන්වරයා ලොරියට ආරක්ෂාව ලබාදී ඇත්තේ අතරමඟදී ලොරිය පොලිසියට කොටු වුවහොත් කතාබස්කර සමතයකට පත් කර ගැනීමට නිසා විය හැකි යැයි යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් විශාන්ත මහතා ‘දිවයින’ ට පැවැසීය.

නෝමන් පලිහවඩන, දිනසේන රතුගම

advertistmentadvertistment
advertistmentadvertistment