‘1970 ලව් ස්ටෝරි’ වැලන්ටයින් සමරයි

52

පසුගියදා සිට තිරගතවීම ඇරඹී අරුණ ජයවර්ධන නවතම සිනමා නිර්මාණය ‘1970 ලව් ස්ටෝරි’ චිත්‍රපටය මේ වනවිට ඉතාමත් සාර්ථක ලෙස දිවයින පුරා සිනමා ශාලාවන් 51 කදී තිරගත වේ. ආදරයට බැඳි සියලු බාධක ජයගනිමින් ත්‍රාසය හා කුතුහලය මැද සිත් බැඳි පෙම ජයගන්නා අයුරු හදවතට දැනෙන ලෙස ප්‍රේක්ෂකයා වෙත ඉදිරිපත් කිරීමට අධ්‍යක්ෂවරයා සමත්ව ඇති මෙය සංගීතමය ආදර කතාවකි. පසුගියදා පැවැති පෙම්වතුන්ගේ දිනයේදී ආදරවන්තයින් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියත්මක කර තිබිණි. ඒ අනුව හැත්තෑවේ ආදර කතාව නරඹන්න එන ආදරවන්තයන්ගෙන් එක් අයෙකු මිලදී ගන්නා ටිකට්පතක් වෙනුවෙන් තවත් ටිකට්පතක් නොමිලේ ප්‍රදානය කිරීමට නිෂ්පාදක සමන් එදිරිසිංහ තීරණය කර තිබිණි.

වර්තමාණයේ සිටින ප්‍රවීණ ජනප්‍රිය හා චරිතාංග නළු නිළියන් රැසකගේ දායකත්වයෙන් ඔපවත්ව ඇති මෙහි හේමාල් රණසිංහ, ගම්‍යා විජේදාස, බිමල් ජයකොඩි, සඳුනි ප්‍රනාන්දු, අශාන් ඩයස්, මහේන්ද්‍ර පෙරේරා, දිනෙත් ද සිල්වා, සරත් කොතලාවල ඇතුළු ප්‍රවීණයන් රැසකගේ රංගනයෙන් හැඩවේ.

ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment