දකුණු ලකට අභිමානයක් වූ  රුහුණ සරසවිය

188

රුහුණ විශ්වවිද්‍යාලය නවක වදය සම්පූර්ණයෙන්ම තහනම් කරන ලද විශ්වවිද්‍යාලයකි. එමෙන්ම පසුගිය කොරෝනා වසංගත තත්ත්වයන් හමුවේ වුව ද අඛණ්ඩව සාර්ථකව අධ්‍යයන කටයුතු සිදුකරගෙන යෑමට තරම් මෙහි පරිපාලන කටයුතු ඉතාමත්ම සාර්ථක අයුරින් සිදුකෙරුණි. නව ලෝකයට ගැළපෙන අයුරින් යාවත්කාලීන වන දැනුම විද්‍යාර්ථීන්ට ලබා දෙන මෙම විශ්වවිද්‍යාලය සාර්ථකව අධ්‍යයන වර්ෂයන් සම්පූර්ණ කිරීමට ද සමත්ව සිටී

 වර්ෂ 1978 දී ආරම්භ කරන ලද රුහුණ විශ්වවිද්‍යාලය වර්තමානය වන විට ශ්‍රේණිගත කිරීම්වල ඉහළ අගයන් කරා ශීඝ්‍රයෙන් ගමන් කරනා විශ්වවිද්‍යාලයකි.

දකුණු ලකට අභිමානයක් වූ  රුහුණ සරසවිය

රුහුණ විශ්වවිද්‍යාලයක් පිළිබඳ අදහස එවකට අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය නිශ්ශංක විජයරත්න මහතා විසින් යෝජනා කරන ලදී. 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත බලාත්මක කිරීම මඟින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට රුහුණ විශ්වවිද්‍යාල පිහිටුවීමට හැකි විය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, 1978 අගෝස්තු 27 වැනි දින ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් මාතර, මැද්දවත්තේ රුහුණු විශ්වවිද්‍යාල විiාලය විවෘත කරන ලදී. රුහුණ විශ්වවිද්‍යාල විද්‍යාලය 1984 දී එහි නව පරිශ්‍රයට මාරු වූ අතර ඉන් අනතුරුව එය සම්පූර්ණ විශ්වවිද්‍යාල තත්ත්වයට උසස් කරන ලදී. මහාචාර්ය ජී. පී. සමරවික්‍රම විශ්වවිද්‍යාලයේ පළමු උපකුලපතිවරයා විය. රුහුණ විශ්වවිද්‍යාලයෙහි ප්‍රධාන මණ්ඩපය මාතර, මැද්දවත්තෙහි පිහිටා තිබෙන අතර එහි මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා, විද්‍යා, කළමනාකරණ සහ මූල්‍ය, ධීවර සහ සාගර විද්‍යා හා තාක්ෂණ යන පීඨ සහ පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයද, උපකුලපති කාර්යාලය ඇතුළු පරිපාලන සංකීර්ණය ද, ප්‍රධාන පුස්තකාලය, ගෘහස්ථ ක්‍රීඩාගාරය සහ පරිගණක  විද්‍යාගාරය ද පිහිටා ඇත. ඉතාම දැකුම්කළු ගෘහ නිර්මාණ සැලැස්මකින් ඉදිව ඇති රුහුණ විශ්වවිද්‍යාලයෙහි ප්‍රධාන මණ්ඩපය  ශ්‍රී ලංකාවේ කීර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පියකුව සිටි ජෙෆ්රි බාවා විසින් නිර්මාණය කරන ලදී.

 කීර්තිමත් පුද්ගලයන් බොහොමයක් දැයට දායාද කෙරුණු මෙම විශ්වවිද්‍යාලය දැනුමෙන් පමණක් නොව කුසලතා හා ආකල්පවලින් හෙබි විද්‍යාර්ථීන් සමාජයට දායාද කර ඇත. රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය දරන්නේ ආචාර්ය අකුරටියේ නන්ද නාහිමිපාණන් වහන්සේ ය. උප කුලපති ධුරය හොබවන්නේ මහාචාර්ය සුජීව අමරසේන මහතායි. ලේඛකාධිකාරීධුරය දරන්නේ පී. එස්. කළුගම මහත්මියයි. එමෙන්ම අති දක්ෂ මහාචාර්ය, කථිකාචාර්යවරුන්ගෙන් සමන්විත ආචාර්ය මණ්ඩලයක් මෙන්ම කාර්යශූර අනධ්‍යයන කාර්ය මණ්ඩලයකින් රුහුණ විශ්වවිද්‍යාලය සමන්විත වේ.

 රුහුණ විශ්වවිද්‍යාලය නවක වදය සම්පූර්ණයෙන්ම තහනම් කරන ලද විශ්වවිද්‍යාලයකි. එමෙන්ම පසුගිය කොරෝනා වසංගත තත්ත්වයන් හමුවේ වුව ද අඛණ්ඩව සාර්ථකව අධ්‍යයන කටයුතු සිදුකරගෙන යෑමට තරම් මෙහි පරිපාලන කටයුතු ඉතාමත්ම සාර්ථක අයුරින් සිදුකෙරුණි. නව ලෝකයට ගැළපෙන අයුරින් යාවත්කාලීන වන දැනුම විද්‍යාර්ථීන්ට ලබා දෙන මෙම විශ්වවිද්‍යාලය සාර්ථකව අධ්‍යයන වර්ෂයන් සම්පූර්ණ කිරීමට ද සමත්ව සිටී.

 උසස් අධ්‍යාපන කටයුතු සාර්ථකව සම්පූර්ණ කිරීමට අවශ්‍ය න්‍යායාත්මක දැනුම මෙන්ම ප්‍රායෝගික දැනුම ද මෙම විශ්වවිද්‍යාලය තුළින් ඉතා උසස් අන්දමින් ලබා දීමද සුවිශේෂීය.

 එමෙන්ම උපාධි ප්‍රදානොත්සවයන් ද ප්‍රමාදයකින් තොරව පැවැත්වෙන විශ්වවිද්‍යාලයක් ලෙස රුහුණ විශ්වවිද්‍යාලය හඳුන්වා දිය හැකි ය. පසුගිය වර්ෂයන් තුළ රටේ නොයෙකුත් අර්බුදකාරී තත්ත්වයන් ඇති වුව ද ඒ සියල්ලම නිසි ලෙස කළමනාකරණය කර ගනිමින් විද්‍යාර්ථීන්ට නිසි ලෙස අධ්‍යයන කටයුතු සපුරාලීමට හැකියාව ලැබුණේ විශ්ව විද්‍යාල පරිපාලන කටයුතු නිසි නායකත්වයක් යටතේ ඉදිරියට ගිය බැවිණි. ඒ තුළින් විද්‍යාර්ථීන්ට ප්‍රමාදයකින් තොරව තම වෘත්තිය ජීවිතය සාර්ථක කර ගැනීමට ද හැකියාව ලැබිණි. පසුගිය වර්ෂයන් තුළ බුද්ධිමය සහ යටිතල පහසුකම්වල සැලකිය යුතු දියුණුවක් සමඟින් අධ්‍යයන, පර්යේෂණ සහ ප්‍රවේශ ක්ෂේත්‍රවල සැලකිය යුතු ප්‍රගතියක් සහ සංවර්ධනයක් අත්කර ගැනීමට රුහුණ විශ්වවිද්‍යාලය සමත්ව තිබේ.

 මාධ්‍යවේදීනී – ඉඳුනිල් තාරුකා පිනිදිය

advertistmentadvertistment
advertistmentadvertistment