අගමැති මුලින්ම සෝලා කුටියට….

154

සංස්ථාගත ඉංජිනේරුවරුන්ගේ ආයතනය වාර්ෂිකව සංවිධානය කරන INCO-2023 තුන්දින කර්මාන්ත හා වෙළෙඳ ප්‍රදර්ශනය අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ඇමැති රමේෂ් පතිරණ, ඇමැති මනුෂ නානායක්කාර යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (13 දා) පෙරවරුවේ ආරම්භ කෙරිණි.

එහිදී අගමැතිවරයා පවතින විදුලි අර්බුදයට විසඳුමක් ලෙස සූර්ය බල තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව පිළිබඳව විශේෂ අවධානය යොමුකරමින් ADS Solar
ප්‍රදර්ශන කුටිය පළමුව නිරීක්ෂණයට ලක් කළ අයුරු ඡායාරූපයේ දැක්වේ.

ඇමැති රමේෂ් පතිරණ, ඉංජිනේරු සංගමයේ සභාපතිනි පුෂ්පා ජිනදාස, සූර්ය බල විශේෂඥ ඒ. දක්ෂි ද සිල්වා, චන්දන දීපවංශ, ඉංජිනේරු විමල් ජයවර්ධන, සාරංග අලහප්පෙරුම යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

ප්‍රදර්ශනය 15 වැනිදා ඉරිදා දක්වා දිනපතා පෙරවරු 10 සිට පස්වරු 9 තෙක් නොමිලයේ මහජනතාවට විවෘතව පවතියි.

අගමැති මුලින්ම සෝලා කුටියට….
advertistmentadvertistment
advertistmentadvertistment