කොරෝනා මර්දනය සඳහා ඉන්හේලරයක්

151

කොරෝනා මර්දනය සඳහා ඉන්හේලරයක් හඳුන්වාදීමට ස්වීඩන පර්යේෂකයින් පිරිසක් සමත් වී තිබේ.
 
මෙම ඉන්හේලරය සඳහා භාවිත කරන ”ආශ්වාස කුඩු” නිපදවා ඇත්තේ දැනට භාවිත වන කොවිඞ් මර්දන එන්නත් යොදාගනිමිනි.
 
කොරෝනා එන්නතක් වෙනුවට භාවිත කළ හැකි මෙම ඉන්හේලරය නිපදවා තිබෙන්නේ ස්වීඩනයේ අයිකනෝවෝ නම් සමාගමක් විසිනි.
 
ෆයිසර්, මොඩර්නා සහ ඇස්ට‍්‍රාසෙනෙකා වැනි එන්නත් පඍභ් හා ෘභ් කේත මත පදනම්ව නිපදවා ඇති අතර මෙම ඉන්හේලරය සඳහා භාවිත කරනු ලබන්නේ නිෂ්පාදනය කළ කොවිඞ් ප්‍රෝටීන් ය.
 
එය සෙල්සියස් අංශක 40ක් වැනි ඉහළ උෂ්ණත්වයක් යටතේ වුවත් තබා ගත හැකි බව නිෂ්පාදන ආයතනය පවසයි.
 
ඉන්හේලරය නිපදවීම අතිශය ලාබදායී සහ පහසු බවත් එය ඕනෑම අයෙකුට නිවසේ සිට හෝ භාවිත කිරීමට හැකි බවත් පර්යේෂක කණ්ඩායම පෙන්වා දෙයි.
 
ඔවුන් පවසන්නේ, මෙම වියළි එන්නත් කුඩ යොදාගෙන ඇල්ෆා සහ බීටා කොවිඞ් ප‍්‍රභේද සම්බන්ධ සායනික පරික්ෂා සිදු කෙරෙන බවය.

advertistmentadvertistment
advertistmentadvertistment