අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග 50ක තොග අවසන් – රවි කුමුදේශ්

268

අත්‍යවශ්‍ය සුවිශේෂී ඖෂධ 50කට ආසන්න ප‍්‍රමාණයක තොග රජයේ රෝහල්වල අවසන් වී ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පැවසීය.

මේ නිසා සාමාන්‍ය මිල අඩු අනුකරණ ඖෂධ වලින් පමණක් ප‍්‍රතිකාර සැලසුම් කිරීමට විශේෂඥ වෛiවරුන්ට සිදුවී ඇතැයි ද කුමුදේශ් මහතා කීය.

මිල අධික ඖෂධ ප‍්‍රතිකාර සඳහා අවශ්‍ය වූ විට ඒවා බාහිර ඖෂධහල්වලින් මිලදී ගැනීම සාමාන්‍ය ක‍්‍රමවේදයක් බවට පත්ව ඇතැයි ද ඔහු කීය. ඉදිරියේදී ඇතිවන මිල වැඩිකිරීමත් සමග එම ඖෂධ මිල දෙගුණයකින් හෝ තුන්ගුණයකින් ඉහළ යා හැකි බවද ඔහු කීය. අතේ ඇති මුදලට අනුව ලැබෙන ප‍්‍රතිකාරය වෙනස් වන සෞඛ්‍ය සේවාවක් පවත්වා ගැනීමට රෝහල්වලට සිදුවී ඇතැයි ද ඔහු කීය.

භාණ්ඩ ප‍්‍රවාහන ගාස්තු නැව් හා ගුවන් ගාස්තු වියදම් ඇතුළු සියලූ වියදම් ඉහළ යෑම හමුවේ මහජනතාවට සිදුවන අපහසුතාවයෙන් ජනතාව රැුකගැනීමට බලධාරීන් කටයුතු නොකළහොත් රටේ නිදහස් සෞඛ්‍ය සේවාව කි‍්‍රයාත්මක නොවන තත්ත්වයකට ගමන් කළ හැකි බවද කුමුදේශ් මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා, ප‍්‍රදීප් සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment