අදත් තද වැසි

174

දිවයින හරහා නිරිත දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අද (02 දා) දිනයේදී ද බලාපොරොත්තු වන බව කාලගුණ විiා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

ගතවූ පැය 24ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවත් එම ප්‍රමාණය මිලි මීටර් 127.7 ක් බවත් එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකාවක ‘දිවයින’ට පැවසුවාය.

පවතින වර්ෂාපතනය සැප්තැම්බර් 4 වැනිදා වනවිට අඩුවනු ඇතැයි ද ඇය සඳහන් කර සිටියාය.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment