ශී‍්‍ර ලංකාව අනිවාර්යෙන් දෙවැනි වටය සඳහා සුදුසුකම් ලබනවා – මුරලි විශ්වාසයෙන් කියයි

2425

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දෙවන අදියර සඳහා අනිවාර්යයෙන් සුදුසුකම් ලබනු ඇති බවට තමාට හොඳින්ම විශ්වාස බව ලොව වැඩිම ටෙස්ට් කඩුලූ ලාභියා මෙන්ම ශ‍්‍රී ලංකා තාක්ෂණ කමිටු සාමාජික මුත්තයියා මුරලිදරන් මහතා පෙරේදා (18 වැනිදා) අබුඩාබි හිදී මාධ්‍යවේදීන් හමුවේ ප‍්‍රකාශ කර සිටියේ ය. වත්මන් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ඉතා දක්ෂ ක‍්‍රීඩකයන් රැසක් සිටින බවත් ඔවුන් හො`ද අධිෂ්ඨානයකින් සහ සියලූම දක්ෂතා කැටිකර කණ්ඩායමේ ජයග‍්‍රහණය සඳහා යෙදවුවහොත් ශ‍්‍රී ලංකාවට ඊටත් වඩා ලොකු ජයග‍්‍රහණයක් මේ තරගාවලියේ දී ලබාගත හැකිවනු ඇති බවට තමාට විශ්වාසය බවද මුරලිදරන් මහතා පැවසීය.

ශ‍්‍රී ලංකාව 1996 ක‍්‍රිකට් ලෝක කුසලානය ජයග‍්‍රහණය කරනු ඇතැයි කවුරුවත් විශ්වාස නොකළ බව ද ක‍්‍රීඩකයන්ට පවා ඒ ගැන විශ්වාසයක් නොතිබුණු බවත් අඩුම තරමේ අවසන් පූර්ව තරග හෝ අර්ධ අවසන් පූර්ව තරගවලට හෝ ශ‍්‍රී ලංකාව සහභාගි වනු ඇතැයි කණ්ඩායමේ ක‍්‍රීඩකයන්ට පවා විශ්වාසයක් නොතිබුණු බවද මුරලිදරන් මහතා කීය. එහෙත් අර්ජුන ප‍්‍රමුඛ කණ්ඩායම ලෝක කුසලාන ජයග‍්‍රහණය කර ශ‍්‍රී ලංකාවට කීර්තියක් ගෙන දුන් බවත් වත්මන් ශ‍්‍රී ලංකා කණ්ඩායම එම කණ්ඩායම තරම් දක්ෂ කණ්ඩායමක් නොවූවත් පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරග රටාවේදී ඕනෑම දෙයක් සිදුවිය හැකි නිසා මෙවර ද එවැනි දෙයක් සිදු විය නොහැකි බවට කාටවත් පැවසිය නොහැකි බවත් ඒ මහතා කීය.

ශ‍්‍රී ලංකාව සහ නැමීබියා කණ්ඩායම අතර ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය අතරතුර මාධ්‍යවේදී කුටියේ දී ශ‍්‍රී ලංකා මාධ්‍යවේදීන් පිරිසක් සමග සාකච්ඡුාවකට එක්වෙමින් මුරලිදරන් මහතා මෙම අදහස් පළ කර සිටියේය. මහේල ජයවර්ධන මහතා ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග එකතු වී ක‍්‍රීඩකයන්ට පුහුණු උපදේශන සේවය සැපයීම මෙන්ම ඔවුන් සමග තම දැනුම බෙදාහදා ගැනීම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට තම දක්ෂතා ඔප්නංවා ගැනීමට මහත් පිටිවහලක් වී ඇති බවද මුරලිදරන් මහතා පැවසීය.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම පසුගිය වසර හය හත තුළම නිසි උපදේශනයක් නැතිව නිවැරදි මගපෙන්වීමක් නැතිව සිටිය බවත් මහේලගේ ආගමනය එම අඩුව පිරවීමට සමත් වූ බවද මුරලිදරන් මහතා කීය.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පැත්තෙන් මීට පෙර නිරන්තරයෙන් වැරදි සිදු වූ බවත් දැන් ඒ වැරදි නිවැරදි කරගෙන නිවැරදි මාවතේ ගමන් කරන බවත් අවශ්‍ය වන්නේ අඩුවෙන් වරද කරන කණ්ඩායමක් ලෙස ඉදිරියට යෑමට බවත් මුරලිදරන් මහතා කීය. ක‍්‍රිකට් කමිටුව, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සහ ක‍්‍රීඩකයන් ගනු ලබන තීන්දු තීරණ සෑමවිටම නිවැරදි විය නොහැකි බවත් එහෙත් වරදක් වූ විට එම වරද නැවත සිදු නොවන්නට වගබලා ගැනීම මෙම හැම පාර්ශ්වයකම වගකීමක් බවත් ඒ මහතා ප‍්‍රකාශ කර සිටියේය.

ශ‍්‍රී ලංකාව සුදුසුකම් ලැබීමේ වටයේ සිටින ප‍්‍රබලම කණ්ඩායමක් බවත් එහිදී අයර්ලන්තය සමග තරගය වැදගත් වනු ඇති බවත් නෙදර්ලන්තය එතරම්ම ප‍්‍රබල කණ්ඩායමක් ලෙස සැලකිය නොහැකි බවත් මුරලිදරන් මහතා කීය.

කුෂාන් සුබසිංහ අබුඩාබි සිට…

advertistmentadvertistment
advertistmentadvertistment