‘අයිස් ගහන්නෝ’ පනස්දහසත් පනී

87

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය

මෙරට තුළ ‘අයිස් මත්ද්‍රව්‍ය’ භාවිත කරන්නන් පනස්දහස ඉක්මවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සඳහන් කරයි.

‘අයිස් මත්ද්‍රව්‍ය’ මෙරට ව්‍යාප්තිය ආරම්භ වී වසර තුනක් වන විට සෙසු මත්ද්‍රව්‍යවලට සාපේක්‍ෂව එහි ව්‍යාප්තිය දැඩි අවධානය යොමු කළ යුතු මට්ටමකට පැමිණ ඇතැයි එම මණ්ඩලයේ සභාපති නීතිඥ ශාක්‍ය නානායක්කාර මහතා පවසයි.

මෙරට පාසල්වල ද දුම්කොළ භාවිතයේ වැඩිවීමක් දක්නට ලැබෙන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පවසන ඒ මහතා පසුගිය හය මස තුළ අයිස් මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් කිසිම පාසල් සිසුවකු අත්අඩංගුවට ගෙන නැතැයි ද කියා සිටී.

පාසල් ගුරුවරුන්ට සහ දරුවන්ට ‘අයිස් මත්ද්‍රව්‍ය’ භාවිතය සම්බන්ධයෙන් කළ දැනුවත්කිරීම් සාර්ථක වී තිබෙනවා. නමුත් දුම්කොළ භාවිතය යම් ප්‍රමාණයක පවතින බව පෙනී ගොස් තිබෙනවා. දුම් නඟින දුම්කොළ භාවිත කරන්නන් ලක්‍ෂ 15 ක් පමණ මෙරට සිටිනවා. ඒ වගේම දුම් නොනඟින දුම්කොළ භාවිත කරන පිරිසත් ලක්‍ෂ 15 ක් පමණ සිටිනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ ලක්‍ෂ 30 ක පිරිසක් දුම්කොළ භාවිතා කරනවා යැයි ද නීතිඥ ශාක්‍ය නානායක්කාර මහතා වැඩිදුරටත් පවසයි.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment