අවුරුදු කන්න ඉන්දියාවෙන් බිත්තර මිලියන 40 ක්

55

සුපිරි වෙළෙඳසල්වලට නෑ – එස්ටීසී සභාපති

අවුරුදු උත්සව සමය ඉලක්ක කර ඉන්දියන් බිත්තර මිලියන 40 ක් ගෙන්වීමට ඇනවුම් කර ඇතැයි රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා ‘දිවයින’ ට ඊයේ (10 දා) පැවසීය. එම බිත්තර සුපිරි වෙළෙඳසල්වලට ලබා නොදෙන බවද ඒ මහතා කීය.

මෙම බිත්තර තොගය කොටස් වශයෙන් ලබන සතියේ සිට රටට ගෙන්වීමට අවශ්‍ය කටයුතු කර ඇතැයි ද ආනයනික බිත්තර රුපියල් 43 බැගින් සතොසට හා කර්මාන්ත සඳහා පමණක් ලබාදීමට කටයුතු කරන බවද ඒ මහතා කීය.

මේ වනවිට රට තුළ ආනයනික බිත්තර මිලියන 15 ක පමණ තොග පවතින බවත්, කේක් හා බේකරි නිෂ්පාදන (කර්මාන්ත) සඳහා මේ මස අවසානයේ සිට බිත්තර ලබාදීමට කටයුතු කරන බවත් පැවසූ සභාපතිවරයා ආනයනික බිත්තර මෙවර සුපිරි වෙළෙඳසල් සඳහා ලබානොදීමට දැනට තීරණය කර තිබෙන බවද ද කියා සිටියේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment