ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලට එරෙහිව විපක්‍ෂය එක්වෙයි

112

ආණ්ඩුව ක්‍රියාත්මක කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියට එරෙහිව ගතහැකි සියලු පියවර ගැනීමටත් ඒ වෙනුවෙන් සක්‍රීයව මැදිහත් වීමටත් විපක්‍ෂය නියෝජනය කරන දේශපාලන පක්‍ෂ නියෝජිතයන් ඊයේ (21දා) පැවැති සාකච්ඡාවකදී තීරණය කර ඇත.

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන කුමන්ත්‍රණයට එරෙහිව ගත හැකි ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කිරීමට විපක්‍ෂයේ මන්ත්‍රීවරු ඊයේ විපක්‍ෂ නායක කාර්යාලයේදී හමුවී සාකච්ඡා කළහ.

සමගි ජනබලවේගයේ නායක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට මහාචාර්ය ජී. එල්. පීරිස්, රාවුෆ් හකීම්, එම්. ඒ. සුමන්දිරන්, රිෂාඩ් බදියුදීන්, පලනි දිගම්බරන්, ආචාර්ය නාලක ගොඩහේවා, චන්දිම වීරක්කොඩි, ලක්‍ෂ්මන් කිරිඇල්ල, රංජිත් මද්දුමබණ්ඩාර යන පක්‍ෂ නියෝජිතයෝ එක් වූහ.

ආණ්ඩුවේ අත්තනෝමතික වැඩපිළිවෙළ ඉදිරියට ගියහොත් ජනතාව ඉතා අන්ත අසරණ තත්ත්වයට පත්වී රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස අහිමිවන බවත් ඊට එරෙහිව සියලු දෙනා එක්ව ක්‍රියාමාර්ග ගත යුතු බවත් එහිදී සාකච්ඡා කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment