ආර්ථිකය 11.5%කින් කඩා වැටේ

299

මේ වර්ෂයේ 2023 පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකයේ දැවැන්ත පසුබෑමක් වාර්තා කරමින් සියයට 11.5 ක සෘණ ආර්ථික වර්ධනයක් වාර්තා වේ.

මේ අනුව 2022 වසරේ පළමු කාර්තුවේ වාර්තා වූ රු. මිලියන 3519400 ක් වූ දළ දේශීය නිෂ්පාදනය මේ වසරේ 2023 පළමු කාර්තුවේදී රු. මිලියන 3114187 ක් දක්වා පහත වැටී ඇත.

මුළු ආර්ථික වර්ධන අගය නියෝජනය කරමින් පළමු කාර්තුවේදී කර්මාන්ත අංශය සියයට 23.4 කින් සහ සේවා කටයුතු සියයට 5 කින්ද සෘණ වර්ධනයක් වාර්තා කර ඇත. කෘෂි අංශය පමණක් පළමු කාර්තුවේදී සියයට 0.8 ක ධන වර්ධනයක් වාර්තා කර ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment