රාසපුත්‍රම්ගේ කතාවට අගමැති එරෙහි වෙයි

311

මන්ත්‍රීවරුනගේ නිවාස ගිනි තැබීම්, පහරදීම්, ඝාතනය කිරීම් සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී ශානක්කියන් රාසපුත්‍රම් මාණික්කම් මන්ත්‍රීවරයා සිදු කළ කතාව පිළිබඳ කථානායකවරයා පියවරක් ගත යුතු යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10 දා) කීවේය.

එම සිද්ධීන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනා කනගාටුව පළ කර ඇතත් රාසමාණික්කම් මන්ත්‍රීවරයා පමණක් එලෙස කර නැතැයි කියමින් අගමැතිවරයා ඔහු කළ ප්‍රකාශයක් උපුටා දැක්වීය.

මන්ත්‍රීවරයා විසින් කර ඇති එම ප්‍රකාශය සම්බන්ධයෙන් කථානායකවරයාගේ අවධානය යොමු විය යුතු යැයි ද හෙතෙම මෙහිදී කීවේය. “එතුමාගේ මෙම ප්‍රකාශය පිළිබඳ කනගාටුව ප්‍රකාශ කරලා මේ ප්‍රකාශය ඉල්ලා අස්කර ගත්තේ නැතිනම් වරප්‍රසාද කමිටුවට දාලා අපට වාර්තාවක් අවශ්‍යයි කියලා මම කියනවා” යැයි අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment