ඉදිරි මාස තුනේ දී ව්‍යාපාර අපේක්ෂා යහපත් මට්ටමක

125

ඉදිරි කාලයේදී රටේ ආර්ථික ක්‍රියාකාරකම් යථාතත්ත්වයට පත්වනු ඇතැයි අපේක්‍ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මේ අනුව ඉදිරි මාස තුන පිළිබඳ ව්‍යාපාර අපේක්‍ෂා ද යහපත් මට්ටමක පවතිනු ඇතැයි ද මහ බැංකුව කියයි. ඊට අමතරව සැප්තැම්බර් මාසයේ සිට නව ව්‍යාපෘති ආරම්භ කිරීමේ යම් ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවද මහ බැංකුව කියයි. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.

පසුගිය කාලයේ නව ව්‍යාපෘති නොමැතිවීම නිසා ඉදිකිරීම් කර්මාන්ත කටයුතු සඳහා දැඩි අහිතකර බලපෑමක් සිදුකර ඇති බවත්, නව ඇනවුම්වල අඛණ්ඩ පහත වැටීමෙන් එය පිළිබිඹු වන බවත් එම වාර්තාවේ තවදුරටත් සඳහන් වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment