ඉන්දියාවේ කිකිළියෝ බිත්තර දාන හැටි බලන්න මෙරටින් තිදෙනෙක් යති

579

ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමේ කටයුතු තවත් පුළුල් කිරීමේ අරමුණින් එරට කුකුළු ගොවිපොළ පරීක්ෂා කිරීම සඳහා නියෝජිතයින් පිරිසක් ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේය. ඒ සදහා සෞඛ්‍ය හා සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙක් සහ රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ නිලධාරියෙක් ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බවය ද පැවසීය.අදාළ නිලධාරීන් විසින් ඉන්දියාවේ චෙන්නාහි පිහිටි කුකුළු ගොවිපොළ කිහිපයක් පරීක්ෂා කිරීමේ කටයුතු සිදුකිරීමෙන් අනතුරුව ලබන ඉරිදා දිවයිනට පැමිණීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment