ඉරේ සැරට සම වයසට – විශේෂඥ වෛද්‍ය නයනී මදරසිංහ

98

මේ දිනවල පවතින දැඩි හිරු රශ්මිය හේතුවෙන් දීර්ඝකාලීනව සම හිරු එළියට නිරාවරණය වීමෙන් සම ඉක්මනින් වියපත් වීමකට ලක්වන බැවින් සම ආරක්‍ෂා කර ගැනීමට පියවර ගන්නා ලෙස චර්ම රෝග විශේෂඥ වෛද්‍ය නයනී මදරසිංහ මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

ආලේපන වර්ග ඇතුළු සම ආරක්‍ෂා කර ගැනීමේ ක්‍රම මගින් දැඩි හිරු රශ්මියෙන් සමට ඇතිවිය හැකි බලපෑම අවම කරගත හැකි බවද වෛද්‍යවරිය කියයි.

දැඩි හිරු රශ්මියක් පවතින උදෑසන 10-02 අතර කාලයේ එළිමහනට නොයා සිටීමට හැකිනම් එය ඉතා වැදගත් වනු ඇතැයිද පෙන්වා දෙන වෛද්‍යවරිය එසේ යෑමට අවශ්‍යතාව පවතින්නේ නම් හිස් වැස්මක් හෝ කුඩයක් භාවිත කිරීම වැදගත් වනු ඇති බවත් සමට ‘සන්ක්‍රීම්’ ආලේපනයද වැදගත් වනු ඇති බවත් සඳහන් කරන්නීය.

හිරු එළිය නිසා සම කෙටි කාලීනව දුර්වර්ණ වීමත්, දීර්ඝකාලීනව හිරු නිරාවරණයෙන් සම ඉක්මනින් වියපත් වීමක් සිදුවිය හැකි බව පෙන්වා දෙන විශේෂඥ වෛද්‍ය නයනී මදරසිංහ මහත්මිය හිරුඑළියේ පවතින පාරජම්බුල කිරණයන්ගෙන් සම වයසට යෑමේ ක්‍රියාවලිය වේගවත් කරනවා මෙන්ම දිගින් දිගට ම හිරුඑළියට නිරාවරණය වීමේදී සුදු සම ඇති පුද්ගලයන්ට සමේ පිළිකා ඇතිවීමේ අවදානමක්ද පවතින බවද වැඩිදුරටත් සඳහන් කළාය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment