උතුරු ගාසා තීරයෙන් හය ලක්ෂයක් ඉවත් වෙති

332

ගාසා තීරයේ සිටින හමාස් අන්තවාදීන්ට එරෙහිව දියත් කිරීමට යන දැවැන්ත හමුදා ප්‍රහාරයට පෙර උතුරු ගාසා, තීරයෙන් ඉවත් වන්නැයි ඊශ්‍රායල හමුදාවන් විසින් කළ දැනුම් දීමට අනුව ඊයේ (17) වනවිට ගාසා වැසියන් හය ලක්ෂයක් පමණ උතුරේ සිට දකුණු ගාසා තීරය වෙත ගොස් තිබූ බව ඊශ්‍රායල ආරක්ෂක හමුදා ප්‍රකාශක ජොනතන් කොනික්‍රස් ප්‍රකාශ කර තිබේ. තවත් වැසියන් ලක්ෂයක් හෝ ඊට මදක් වැඩි පිරිසක් තවමත් උතුරු ගාසා තීරයේ රැඳී සිටින බව පවසා ඇති ඔහු හැකි ඉක්මනින් දකුණට ගමන් කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලීම් කර තිබේ. උතුරු ගාසා තීරයේ මිලියන 1.1 ක පමණ ජනතාවක් සිටින බව ඊශ්‍රායලය පවසයි.

මේ අතර උතුරු ගාසා තීරයේ සිට දකුණට පැමිණ ඇති වැසියන් 100 දෙනෙකු පමණ පෙරේදා (16) රාත්‍රියේ ඊශ්‍රායල හමුදා, විසින් රෆා හා යුනිස් කාන් යන ප්‍රදේශවලට එල්ල කර, ඇති ප්‍රහාරවලින් මියගොස් ඇති බව පලස්තීන බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

සංස්කරණය -ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment