උප සභාපති, බිරිය සහ දියණිය ඝාතනය කෙරෙති

270

සම්බාධක නොතකා රුසියානු තෙල් සහ ගෑස් අලෙවි කළ ගෑස්ප්‍රොම් බැංකුවේ
 ඝාතනය අභිරහසක් මොස්කව් පොලිසිය කියයි
 ඝාතනය ට ලක්වූ ව්ලැඩිස්ලාව් අවායෙව් සහ නිවාස සංකිර්ණය


 රුසියානු ජනපති ව්ලැඩමීර් පුටින්ගේ කාර්ය මණ්ඩලයේ හිටපු නිලධාරියකු මෙන්ම ගෑස්ප්‍රොම් බැංකුවේ උප සභාපති ලෙස කටයුතු කළ ව්ලැඩිස්ලාව් අවායෙව් සහ ඔහුගේ ගැබිනි බිරිය යෙලිනා සහ දියණිය වූ මාරියා මොස්කව් නුවර මහල් නිවාස සංකීර්ණයක පිහිටි නිවසේ දී ඝාතනය වී ඇත.

 එම තිදෙනා මියගොස් ඇත්තේ වෙඩි තැබීමෙනි. ඔවුන්ගේ වැඩිමහල් දියණිය වූ ඇනස්ටාසියා නිවස වෙත යන අවස්ථාවේ එය වසා තිබුණි. මෙම වෙඩි තැබීම සිදු වී ඇත්තේ අවායෙව්ගේ  පිස්තෝලයෙනි.මොවුන් පදිංචිව සිටියේ යූරෝ මිලියන 2ක් වටිනා සුපිරි නිවසේයි. තමා පොලිසිය සමග නිවසේ දොර කඩා ඇතුළු වීමෙන් පසු පියාගේ අතේ පිස්තෝලය තිබෙනු දුටු බව ඇනස්ටාසියා ප්‍රකාශ කර තිබේ. බටහිර සම්බාධක නොතකා රුසියානු ගෑස්වලට රූබල්වලින් ගෙවිය යුතු බවට දක්වන වැඩපිළිවෙළ මෙහෙය වූයේ අවායෙව් බව හෙළි වී ඇත. ක්‍රෙම්ලින් පාලනයේ නියෝජය ප්‍රධානියා ලෙස කටයුතු කළේ අවායෙව් වේ. ඔහුගේ

 නිවසේ තිබී ආයුධ 13ක් හමු වූ බව පොලිසිය හෙළි කර ඇත. අසල්වාසීන් පැවසූවේ වෙඩි හඬ තුනක් තමන්ට ඇසුණු බවයි. රුසියානු තෙල් සහ ගෑස් අලෙවියට අදාළ ගනුදෙනු සිදු වූයේ අවායෙව්ගේ ගෑස්ප්‍රොම් බැංකුවෙනි.

advertistmentadvertistment
advertistmentadvertistment